
(අංජුල මහික වීරරත්න)
යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරිකට්ටුවාන් ජැටිය යළි ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නයිනති වූ (නාගදීපය) සහ ඩෙෆ්ට් (නෙන්තිවු) යන දූපත් ද්විත්වයටම යාපන අර්ධද්වීපය සම්බන්ධ කරන ප්‍රධාන සමුද්‍රීය ප්‍රවේශ ස්ථානයක් වශයෙන් කුරිකට්ටුවාන් ජැටිය භාවිත කරනු ලබයි. මෙම පැටිය මඟින් එකී දූපත් වලට ගමන් කරන මගී සහ භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවාවන් සඳහා පහසුකම් සැපයෙන අතර, සමාජයීය, ආගමික, ආර්ථීක සහ පරිපාලන කටයුතු ආදී වශයෙන් පුළුල් පරාසයක මෙහෙවරක් සිදු කෙරේ. දැනට පවතින පැටිය දිගු කලක් තිස්සේ සාගරික තත්ත්වයන්ට නිරාවරණය වීම සහ මහා පරිමාණ ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම හේතුවෙන් විශාල වශයෙන් ව්‍යුහාත්මක හානි වලට බඳුන් වී තිබේ. ප්‍රවාහනය, ආගමික සංචරණය සහ ප්‍රාදේශීය සංවර්ධනය කෙරෙහි පැටියෙහි ඇති වැදගත්කම හඳුනා ගනිමින් මධ්‍ය කාලීන අයවැය රාමුව යටතේ කුරිකට්ටුවාන් ජැටිය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 ඔක්තෝබර් මස 08
1343
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1259
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
460
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නාගදීප - ඩෙල්ෆ් යන ජැටිය අලුත් කරයි
karuna Thursday, 23 October 2025 08:20 AM
අනේ මේ ගමන්ම කලුතර දකුණ දුම්රිය පොලේ 2 වන වේදිකාව දිහාත් බලන්න. අවුරුදු 50 කින්වත් හරි දෙයක් කරලා නෑ. තාම අර මිටි උසට තියෙන්නේ. අලුත් උස කෝච්චිවල නගින්න බහින්න අතපය හයිය තියන තරුණ පිරිමි අයට විතරයි ලේසියෙන් කරන්න පුලුවන්. අනික් අය එක්කෝ අමාරුවෙන් නගින්න ඕනෑ... නැත්නම් ගමන අතහරින්න ඕනෑ. පළවෙනි වේදිකාව උස්සලා හදද්දී මේ දෙවෙනි වේදිකාව පෙනුනේ නැත්තේ ඇයි? පළාතේ ප්‍රධානම දුම්රිය පොළ වුණාට කැලෑ බද ප්‍රදේශයක් වගේ තමයි දෙවෙනි වේදිකාව දිහා බැලුවාම හිතෙන්නේ...