නැගෙනහිර මහ ඇමැතිවරයා නාවික හමුදා නිලධරයකුට බැන වැදී තර්ජනය කිරීමෙන් සහ ඒ සිද්ධිය සිදුවන අවස්ථාවේදී එහි සිටි පාසැල් සිසුවියකගේ මුහුණට පහරවැදීමෙන් රටේ පාසල් සිසුන්ගේත්, තමන්ගේත් මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් නීතීඥවරයකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
එසේම අදාළ සිද්ධියට භාජනයවූ නාවික හමුදා නිලධරයාට සහ පාසල් සිසුවියගේ ගෞරවය ආරක්ෂා වන නියෝගයක් නිකුත් කරන්නැයි ද එම පෙත්සමින් ඉල්ලා ඇත.
ගනේමුල්ල ගලහිටියාව පදිංචි නීතීඥ පී.ලියනආරච්චි මහතා එය ගොනුකර ඇති අතර මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ,නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් නම් කරනු ලැබ සිටිති.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
නැ‘හිර මහ ඇමැතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
පළිහවඩන Wednesday, 08 June 2016 01:12 AM
අපි ශ්‍රී ලංකා අධිකරණයේ තීන්දුව දෙස බලාසිටිමු (නි)
පියුමාල් Wednesday, 08 June 2016 01:14 AM
විශිෂ්ට ශ්‍රී ලාංකික පුතෙක්! (නි)
දුමින්ද Wednesday, 08 June 2016 02:15 AM
මෙන්න නියම මිනිස්සු! (නි)
ජයම්පති Tuesday, 07 June 2016 12:44 PM
අවරුදු කීයක් නඩුව අහයිද කීදෙනෙකුට මතක තියෙයිද බලමුකෝ...(හේ)
උපාලි Tuesday, 07 June 2016 12:58 PM
මේක පුර්වාදර්ශයට අරන් තමිල්නාඩු කට්ටිය අපට විරුද්ධව යෝජනා සම්මත කිරීමෙන් අපේ මුලික අයිතිවාසිකම් කඩවුණා කියලා බැරිද අම්මපා නඩුවක් දාන්න. (හේ)
නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 08 June 2016 03:12 AM
ඔහු අනිවාර්යයෙන් එම දැරිවියගෙන් සහ සමස්ත පාසල් සිසුවියන්ගෙන්ම සමාව ගත යුතුයි. ඒ ආදර්ශමත් නොවෙන විදියට ගරු සභාවක් ඉදිරියේ හැසිරීම ගැන. (නි)
නුවන් Wednesday, 08 June 2016 03:30 AM
කවුරු වුණත් කොන්ද පණ තියෙන මහත්මයෙක්. ජයවේවා! (නි)
සහන Wednesday, 08 June 2016 03:47 AM
අනේ මේ රටේ වෙන ප්‍රශ්න නැහැ අපට (නි)
නුවන් Tuesday, 07 June 2016 02:34 PM
කවුරු වුනත් කොන්ද පණ තියෙන මහත්මයෙක්! (හේ)
සේන Wednesday, 08 June 2016 05:12 AM
වැදගත් තීරණයක්, අද අපේ වගකීම වෙලා තියෙන්නේ දේසපාලුවෝ ශිෂ්ට සම්පන්න මිනිසුන් කිරීමයි (බ)
ජගත් ලියනගේ Wednesday, 08 June 2016 05:53 AM
නීතීඥ පී.ලියනආරච්චි මහතා ට අපගේ ප්‍රණාමය පුද කරමු. නොහික්මුණු මිනිසුන්ට , මනුෂ්‍යත්වය උගැන්වීමට එතුමාට හැකිවේවා (බ)
හුසේන් මොහමඩ් Wednesday, 08 June 2016 06:14 AM
නඩු නිමිත්තකට යන්න රටේ වෙන ප්‍රශ්න නැද්ද මහත්තයෝ ජාතිවාදයකට තුඩු දෙන මේ වගේ සිද්ධියක් ඇදගෙන යන්න හදන්නේ...? (බ)