IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


නිශාන්ත වික‍්‍රමසිංහ දුන් නියෝගයකින් ශ්‍රී ලංකන් සමාගමට කෝටියකට අධික පාඩුවක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතා ගුවන් කළමණාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප‍්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබු ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් කෝටියකට අධික පාඩුවක් දැරීමට සිදුවු බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් කළමණාකරුවන් ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ අද (15) හෙළි කළහ.

මේ හේතුවෙන් ගුවන් මගීන් 128 දෙනෙකුට සිය ගමනාන්ත වැරදුණු බවත් ඉන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විදීමට සිදුවු පාඩුවට වඩා එහි කීර්තිනාමයට අති විශාල කැළලක් සිදුවු බවද ඔව්හු කොමිසමට පෙන්වා දුන්හ.

2006 ජනවාරී මස පළමුවැනිදාත් 2008 ජනවාරී මස පළමුවැනිදාත් අතර කාලය තුළ ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමක් පත් කරන ලදී.

එම විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සභාපතිවරයා වශ්‍යයෙන් අනිල් ගුණරත්න මහතා (විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු) කටයුතු කරන අතර එහි සාමාජික විනිසුරුවරුන් වශ්‍යයෙන් ගාමිණි අමරසේකර මහතා (අභියාචනාධිකරණ විනිසුරු)  පියසේන රණසිංහ (විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු) ඇන්තනි හැරල්ඞ් ( විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති) කපුගම ගීගණගේ මෙනවිය (ගිණුම් හා ප‍්‍රමිති සමික්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්) කටයුතු කරයි.

මෙම විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි විභාගය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විය.

අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතාගේ මෙහෙයවීම යටතේ කොමිසම හමුවේ සාක්කි දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමණාකරුවන් වන ධම්මික සේනානායක මහතා සහ ශයිලාන් නිශාන්ත හඳපාන්ගොඩ මහතා කොමිසම හමුවේ මේ බව හෙළි කළහ.



අදහස් (16)

නිශාන්ත වික‍්‍රමසිංහ දුන් නියෝගයකින් ශ්‍රී ලංකන් සමාගමට කෝටියකට අධික පාඩුවක්

sanka Wednesday, 15 August 2018 11:23 AM

බල්ලාගේ වැඩේ කරන්න බූරුවාට බාරදුන්නහම ඕක තමා වෙන්නේ....

:       2       157

ගුරුලු Wednesday, 15 August 2018 11:28 AM

මේ රට බේරගත්ත පරම්පරාවෙ මිනිහෙක්. කෝටියකට වැඩිය ගොඩක් වටිනවා මේ මිනිස්සු රට බේරගන්න කරපු කැපකිරීම. අපේ සල්ලි නැතිවුණ එක ගැන දුකක් නෑ. කන්න නැතුව ගහක් යට හිටියත් සැපයි.

:       432       279

Mahee Wednesday, 15 August 2018 12:20 PM

ගුරුළු, මමත් ඔබ සමග එකඟයි. රට බේරාගත් පවුලේ නිශාන්තගේ සහෝදරීවත් එහෙම කලේ නැහැ. මස්සිනා වුනත් එමිරේට්ස් ලොක්කෙක් එක්ක තරහට ඔය විදිහට තනි ගුවන් යානයක් එංගලන්තෙට ගෙන්න ගෙන අපේ ගුවන් සේවයට පාඩු කලේ නැහැ. යාලු සජින් වුනත් මිහින් ලංකා පිහිටුවලා අපට පාඩු කලේ නැහැ. පාඩු කළා කියලා කියන අයට මම නම් කියන්නෙත් රට බේරා ගත්ත පවුලේ කට්ටිය හින්දා ඔන්න ඔහේ දෙකයි පනහක පොඩි පාඩුවක් වුනත් ගණන් ගන්න එපා කියලයි.

:       6       335

හිනා Wednesday, 15 August 2018 12:21 PM

කෝටි ගාන වගේද රට? රට බෙරාගත්ත හින්දා කොච්චර කෑවත් කෑවත් නැත. රජකාලෙත් මස්සිනාලට තනතුරු දුන්නා.

:       19       124

සතයපාල Wednesday, 15 August 2018 01:06 PM

අට පාස් කෙනෙක් එයාර් ලංකා එකේ සභාපති පුටුවට ඇවිල්ලා ගත්ත එක තීරණයකින් කෝටියක් පාඩුවෙලා නැවතුණු එක ගැන මම සන්තෝෂ වෙනවා.

:       0       157

ධනුෂ්කWednesday, 15 August 2018 02:32 PM

අැයි තව අනාගත ජනපති වීමට සිහින දකින කෙනෙකුත් බල්ලෙක් ගේන්න ගුවන් යානයක් යැව්වලු. ඔන්න රට හදන මිනිස්සු දෙමු ඡන්ද.. අනික ගුරුළට කවුරු හරි කියලා දෙනවා නම් රට කියන දේ මේ ලෝකේ විනාශ වෙනකන් පවතිනවා. වෙනස් වෙන්නේ එහි පාලනය පමණයි. රටට වෙන විනාශයක් නෑ. විනාශ වෙන්නේ එහි ජනයගේ ජීවන තත්වයයි. ගහක් යට හිඟා කන්න රටක් මොකටද? හිඟා කාලා ජීවත් වී අැති පලේ මොකද්ද? පැවතින හැම පාලනයක්ම රටේ ජනතාව ජීවන මට්ටම පහළට අැද දැම්මා. වැදගත් වෙන්නේ රටේ, ජනතාවගේ, සතා සීපාවගේ, පරිසරයේ යහ පැවැත්ම හා එහි වටිනාකම දන්නා පාලනයක්...

:       0       205

Jay Wednesday, 15 August 2018 01:29 PM

එතකොට හොරකන් කරලා නැහැ...

:       0       5

naviya Wednesday, 15 August 2018 01:37 PM

මොනවා කිව්වත් මුළු රාජපක්ෂ පවුලම එකම කට්ටියක්... ලැජ්ජාවක් නැතිව අයත් බලයේ ඉන්න හදනවා. රෙස්පෙක්ට් පිට විශ්‍රාම ගිහින් ඉන්න.

:       52       186

HafeelWednesday, 15 August 2018 03:10 PM

මේ පව්ලට ලැජ්ජාවක් තිබුණේ නැහැ.

:       0       139

sam Wednesday, 15 August 2018 02:21 PM

අයියෝ කෝටියක පාඩුවක්ද? වෙරි සිම්පල්. ඇයි ලොකු ගණන් නැද්ද? අපි පමේවා ලිව්වට අදාළ පුද්ගලයෝ මේවා දකින්නේ නැතිනම් තේරුමක් නැහැ.

:       0       25

C.K.Lankaputhra Wednesday, 15 August 2018 02:36 PM

මෙහෙමත් පවුලක්. අරවගේ කතා කියන ඔලුව නැති මිනිස්සු ඉන්න රටක්... මෙවැනි අය ඉන්න රටක අපි ඉපදුනේ ඇයි? ඉතින් තවත් මොන කතාද?

:       0       32

Ajith Nissanka Wednesday, 15 August 2018 02:59 PM

අනේ මේ වහල්ලු රට බේරා ගත්ත කියලා තමන්ගේ බිරිඳ වුනත් දෙන්න බැරි කමක් නැහැ!

:       0       208

kamal silva Wednesday, 15 August 2018 03:37 PM

ගුරුළු කියලා කිව්වට වෙන අදහසක්නේ දීලා තියෙන්නේ.. දැන්වත් ඔය වහල්ලු වගේ කොළ, නිල්, රතු වලින් අයින් වෙලා හිතන්න උත්සාහ කරන්න බලන්න.

:       0       29

rohana Wednesday, 15 August 2018 03:57 PM

අයියෝ කෝටිය මොකක්ද? සහෝදර සමාගම අරන් තියෙන්නේ ට්‍රිලියන් ගණන් නේ....

:       0       41

Appuhami Wednesday, 15 August 2018 04:04 PM

අයියෝ කෝටිය මොකක්ද?

:       0       4

de silva Thursday, 16 August 2018 07:04 AM

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මුදල් අයථා ලෙස පරිහරණය කල බවට මෙපමණ සාක්ෂි තිබෙද්දී තවදුරත් කොමිසම් හද හද ඉන්නේ මොකටද ? වහාම මෙයාව අත්අඩංගුවට අරගන්න ඊට පස්සේ පුළුවන් පරීක්ෂණ කරගෙන යන්න , නැත්නම් මහේන්ද්‍රන් වගේ මෙයත් රට පනිවි , මෙතැනදී මොහුගේ දේශපාලන හිතවත්කම් නෙවේ වැදගත් මොහු විසින් මේ කාලය තුලදී ඩොලර් කොටි ගණනක් මහජන මුදල් විනාශ කරපු එක මොහුගේ දේපලවලින් නැවත රජයට ගන්න ඕනේ.....

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 3 0

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 857 0

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2184 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 842 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 391 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 446 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1348 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 346 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site