
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද(24) සිය අක්තපත්‍ර බාර දුන්හ.
ප්‍රංශය, පලස්තීනය හා නේපාලය යන රටවල් වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු පත්ව සිටිති.
ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට් ( Remi Lambert), පලස්තීන තානාපතිවරයා ලෙස ඉහාබ් අයි.එම්.කලීල් (Ihab I.M. Khalil) නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහත්වරු ( Purna Bahadur Nepali) ජනාධිපතිවරයාට මෙලෙස අක්තපත්‍ර බාර දුන්හ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් , ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
විදේශ තානාපතිවරුන්ගේ අක්තපත්‍ර පිළිගන්නා විට ජනාධිපති ලේකම්වරයා සහ විදේශ අමාත්‍යවරයා එක දිගට දැක නැත. මේ අලුත් අය ප්‍රොටෝකෝල් ගැන එතරම් නොදන්නා තැනක් කවුරුහරි දැක්කාද කියලා පුදුමයි. මේ NPP බෆන්ලා දවසින් දවස පුවත් මවනවා.
දැකලා නැත්නම් අසේල දැන් බලා ගන්න.