(යොහාන් භාසුර)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු බස් රථ 75 ක් ඩිපෝවලට අද (5) බෙදාදුන්නේය.
ග්‍රාමීය ප්‍රදේශවල මාර්ගවල තත්ත්වයට ගැළපෙන ආකාරයෙන් නිෂ්පාදනය කළ රුපියල් කෝටියක් පමණ වටිනා නවීණ බස් රථ 75 ක් මෙසේ ඩිපෝවලට පිරිනැමූ අතර උතුරු නැගෙනහිර පලාත් ඇතුළුව සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි ඩිපෝවලට මෙම බස් රථ බෙදාහැරීය.
මෙම වසර (2023) තුළ නව බස් රථ 500 ක් පොදු ප්‍රවාහනය උදෙසා ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බව මෙම බස් රථ ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඉන්දියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගොපාල් බාග්ලේ සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
නව බස් රථ 75 ක් ධාවනයට එක්වෙයි
sene Friday, 06 January 2023 08:59 AM
හැම දේම ණයට, සිරි ලන්කාවෙ කෙනෙක් කියන්නත් ලැජ්ජ්යි .
ISURU Friday, 06 January 2023 12:19 PM
මේවා පරිත්‍යාග නෙවෙයිනේ ණය. ඒවාට ගෙවන්නෙත් අපි, කොයිතරම් බස් තියනවද හරි නඩත්තුවක් නැතුව ඩිපෝ වල ගාල් කරලා. ඒවා හදපල්ලකෝ කාර්මික විද්‍යාල වලින් එලියට එන ළමයින්ට අලුත් රස්සා ටිකකුත් දීලා.