IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


නව ත්‍රස්ත පනතේ අවසන් කෙටුම්පත ලබන සතියේ අධිකරණ ඇමතිට

(අංජුල මහික වීරරත්න)

නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුවේ අවසන් කෙටුම්පත ලබන සතියේ  අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාට බාර දීමට කටයුතු කරන බව එම කමිටුවේ සභාපති ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පැවැසීය.

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුව  අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී රැස්විය. 

නව කෙටුම්පතෙහි තවදුරටත් පවතින ගැටළුකාරී තැන් හඳුනා ගනිමින් පනත් කෙටුම්පත දෙවන වරටත් අධ්‍යයනය කිරීමේ කටයුතු මෙම සතිය ඇතුලත අවසන් කිරීමට නියමිත බව කී අර්සකුලරත්න මහතා  කමිටුව දෛනිකව රැස්වී ඒ සතියේදී අදාළ කටයුතු අවසන් කරන බව කීය.

මෙම සාකච්ඡාවට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියමුන්ති පීරිස්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්ම මහත්මීහු  ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු  සහභාගී වූහ.

 



අදහස් (0)

නව ත්‍රස්ත පනතේ අවසන් කෙටුම්පත ලබන සතියේ අධිකරණ ඇමතිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1540 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site