
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍රභේදයක් විය හැකි බවත් විද්‍යාඥයෝ අනතුරු ඇඟවූහ.
මෙම නව ප්‍රභේදය ප්‍රථමවරට පසුගිය ජූනි මාසයේදී ජර්මනියෙන් හඳුනාගෙන ඇති අතර එතැන් සිට එක්සත් රාජධානිය, ඇමෙරිකාව සහ ඩෙන්මාර්කය ඇතුළු රටවල් කීපයක එක්ස්.ඊ.සී ප්‍රභේදය ආසාදනය වූ කොවිඩ් රෝගීන් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විශේෂඥයන් පවසන පරිදි එක්ස්.ඊ.සී ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් පැවැත එන්නක් බවත් සරත් සෘතුවේ පැතිරීමට උපකාර වන නව විකෘති කිහිපයක් එක්ස්.ඊ.සී සතුව වන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
කෙසේ නමුත් එක්ස්.ඊ.සී ප්‍රභේදය වැළඳුනහොත් එය උත්සන්න වීමේ අවස්ථාව කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත් පුද්ගලයන්ට අවම බවද විදෙස් මාධ්‍ය පැවැසුවේය.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේද දෙකක් වන කේ.එස් 1.1 සහ කේ.පී 3.3 එකතුවී එක්ස්.ඊ.සී ප්‍රභේදය සැදී ඇති බවද පැවැසෙයි. මේ දක්වා පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27කින් සාම්පල 500 ක් එකතු කර ඇති බවත් එම සාම්පලවල එක්ස්.ඊ.සී ප්‍රභේදය තිබෙන බවට තහවුරු වී ඇති බවත් විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ.
ඩෙන්මාර්කයේ, නෙදර්ලන්තයේ, ජර්මනියේ සහ එක්සත් රාජධානියේ එක්ස්.ඊ.සී ප්‍රභේදය ශීඝ්‍රයෙන් වර්ධනයක් පෙන්නුම් කරන බවද විද්‍යාඥයෝ පැවැසූහ. අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂව එක්ස්.ඊ.සී ප්‍රභේදයට ඉතා ඉක්මණින් ආසාදනය වීමේ හැකියාවක් තිබෙන බවත් ශීත සෘතුවේදී එක්ස්.ඊ.සී ප්‍රධාන උප ප්‍රභේදයක් විය හැකි බවත් විද්‍යාඥයෝ අනතුරු ඇඟවූවේය.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
898
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
Imported and genuine Wednesday, 18 September 2024 04:00 PM
ආ ... යුරෝපියන් එකක්ද? එහෙනම් කොලිටි බඩු .