අනුරාධපුර නුවරවැවේ ප්‍රධාන සොරොව්වේ ක්‍රියා විරහිතවූ දොරටුවක් පිළිසකර කිරීමට නාවික හමුදා කිමිදුම්කරුවෝ කැඳවනු ලැබූහ. නාවික හමුදාව යොදවා එය නැවත සකස් කිරීමේ කටයුතු ඇරඹූ බව අනුරාධපුර ප්‍රාදේශීය වාරි ඉංජිනේරු ප්‍රසන්න තිලකරත්න මහතා පවසයි.
එහි දොර පියන සහ එසවුම් ආධාරකය ක්‍රියා විරහිත වීම නිසා දොරෙහි පාලන කටයුතු අඩපණව පැවතීම මීට හේතුවයි.
ඊට පිළියමක් ලෙස එහි හදිසි දොරටුව ලෑලි ආධාරයෙන් වසා දමා දැනට අක්‍රියව පවතින ප්‍රධාන දොරටුව යලි පිළිසකර කිරීමට හෝ එසේ නොහැකි වුව හොත් අලුතින් දොරක් සවි කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අරමුණ බව තිලකරත්න මහතා කීවේය.





COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.