IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නාවුරු නොගිය පිරිස කටුනායකට

ඕස්ට්‍රේලියා ගිය 31 දෙනකුගෙන් 28 දෙනෙක් අද විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ. ඕස්ට්‍රේලියාවට යන සරණාගතයන් දකුණු පැසිපික් සාගරයේ නාවුරු දුපතේ ලියාපදිංචි  මධ්‍යස්ථානයට දීමට ගත් තීරණයට එකඟ නොවීම නිසා මේ පිරිස ශ්‍රී ලංකාවට ගෙන ආ බව ඕස්ට්‍රේලියා බලධරයෝ කියති. ක්‍රිස්මස් දූපතේ සරණාගත කඳවුරේ සිටි සිංහල ජාතිකයෝ 24 දෙනෙක් ද, දෙමළ ජාතිකයෝ තිදෙනෙක් ද, මුස්ලිම් ජාතිකයෙක්ද ඊට අයත් වෙති.  



අදහස් (0)

නාවුරු නොගිය පිරිස කටුනායකට

රාජා Sunday, 30 September 2012 01:20 PM

හොර වීසා හදාගෙන කටුනායකින් යනවට වඩා මුහුදින් ඔහේ යනඑක ලේසියි. හැබැයි ඉතින් වීසා ඉල්ලන්න ලංකාව පාවලා දෙන්න වෙනවා. ලංකාවෙන් මෙහෙම මිනිස්සු වැල නොකැඩී යන්නේ මොකද කියලා සෙවිය යුතුයි. මම නම් ලංකාවට ඇවිත් ජීවත්වෙන්න ආසයි. ඒත් ඉතින් දිවියලෝකේ ඉදලා අපායට යන්නේ මොන මෝඩයද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 30 September 2012 01:58 PM

ඔහොම එන සමහරු පස්සේ ලංකාවේ හොඳට ඉන්නවා (ස)

:       0       0

සිසිර Sunday, 30 September 2012 01:56 PM

මේ අය ගෙන යන්නේ කඳ මලුද ? (ස)

:       0       0

සුජාන් Saturday, 29 September 2012 09:05 PM

සිල්වා .මෙහෙමයි රට වටකර සාගරයයි එහි සම්පත් සාගරයයි..(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 29 September 2012 09:12 PM

හිස් අතින් කොහොම වෙතත් දකුණු ඉන්දියාවෙන් කාල එන්න ඇති..!(නු)

:       0       0

අශාන් Sunday, 30 September 2012 02:20 PM

එයාලා අරන් තියෙන්නේ හොද තීරණයක් (නි)

:       0       0

අතුල Sunday, 30 September 2012 02:52 PM

මිනිස්සු එහෙම යන්නේ ලංකාවේ රැකියා නැති නිසයි. මේ ආසියාවේ ආශ්චර්යයනේ. සුභ අනාගතයක් හොදේ. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 30 September 2012 03:06 PM

මට හිතෙන දේ, මේ මිනිස්සු ලංකාව දාලා බෝට්ටුවක නැගලා දුෂ්කර ගමනක් යන්නෙ ආසාවට වෙන්න බැහැ. කීයක් හරි හම්බකර ගන්න මාර්ගයක් හොයා ගන්න නේද මෙයාලා මේ ජීවිතය කැපකරලා යන්නෙ? (නි)

:       0       0

ෂෙරීෆ් Saturday, 29 September 2012 11:12 PM

අපගේ ශ්‍රී ලංකා සොයුරන්ව දැනුවත් කරමු.(නි)

:       0       0

චම්මික සමරතුංග Sunday, 30 September 2012 12:19 AM

රට වටකර සාගරයයි එහි සම්පත් ආකරයයි. හිස් අතින් කොහොම වෙතත් දකුණු ඉන්දියාවෙන් කාල එන්න ඇති..!(නු)

:       0       0

රිෂාඩ් Sunday, 30 September 2012 01:29 AM

රටේ ජනතාව රට හැරයාමෙන් පේනවා රටේ තත්ත්වය..!(නු)

:       0       0

සුජිත් Sunday, 30 September 2012 02:10 AM

අමිලලා ඉන්නේ අපේ මිනිසුන්ට මොනවා හරි කියන්නනේ.. නැති බැරි කමටයි හැම දේම කරන්නෙ..!(නු)

:       0       0

කමහාබ් ජපානය Sunday, 30 September 2012 02:23 AM

අල්ලා දෙවියන්ගේ පිහිටෙන් මේ අයට ලංකාවෙ හොද රුකියා ලැබේවා..!(නු)

:       0       0

පනාගොඩ Sunday, 30 September 2012 04:14 AM

ඕස්ට්‍රේලියාව කියන්නේ දිව්‍ය‍ ලෝකයක් නෙමෙයි.(නි)

:       0       0

සම්පත් Sunday, 30 September 2012 04:22 AM

කොච්චර කිවුවත් මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. කොහොම වුණත් ලක්ෂ එකහමාරට රෝසපාට බෑග් එකක් නම් කට්ටියට හම්බ වෙලා තියෙන බව නම් පේනවා.(නි)

:       0       0

පනන්ගොඩ Sunday, 30 September 2012 04:23 AM

සුජිත් මෙහෙට එන හැමෝම නැතිබැරි අය නෙවෙයි. මෙහේ ඉන්නඅපි ඒ ගැන හොදට දන්නවා.නැති බැරි කමට වඩා රටකට යන උණ හැදුනම ඉතින් කොහේට හරි ගිහින් ඒ දේ ඉටුකරගන්න තමයි හදන්නේ. උදාහරණ දෙන්න ගියොත් පිටුවක් ලියන්න පුළුවන්. (ස)

:       0       0

අනුර Sunday, 30 September 2012 06:34 AM

මට නම් මේ මිනිස්සුන්ව අමතන්න වචන කටට එන්නේ නැහැ (නි)

:       0       0

උදය Sunday, 30 September 2012 06:50 AM

කෙටි කාලයකින් ගොඩක් සල්ලි හොයන්න බැහැ. ඡායාරූප බලන්න. මොවුන් තරුණ වයසේ. ඔබට ලංකාවේ වැඩ කරන්න පුළුවන්. ත්‍රී වීලරයක් දිව්වත් සල්ලි හොයන්න පුළුවන්නේ. (ස)

:       0       0

සුපුන් Sunday, 30 September 2012 08:20 AM

දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග අයියෝ සල්ලි (ස)

:       0       0

හරීන්ද්‍ර Sunday, 30 September 2012 09:45 AM

නිකන් බොරුවට අහිංසක මිනිස්සුන්ට බනින්න එපා (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 29 September 2012 05:22 PM

මේක නතර වෙන්නේ නැද්ද? හැමදාම අපේ මිනිස්සු අහුවෙනවා. (නි)

:       0       0

සිල්වා Saturday, 29 September 2012 05:28 PM

රට වටකර සාගරයයි එහි සම්පත් ආකරයයි... (නි)

:       0       0

දයා-සවුදි Saturday, 29 September 2012 05:42 PM

14 දෙනෙක් බෝට්ටුවකින් ගෙනිහිල්ලා කන්න, බොන්න, අදින්න දෙන්න ලක්ෂ 1 1/2කින් පුලුවන්ද?(නි)

:       0       0

පාල Sunday, 30 September 2012 11:27 AM

රට කනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site