අජන්ත කුමාර අගලකඩ
නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අලුතින් ප්‍රාදේශීය සභා හතරක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය අද අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින නෝවුඩ් සහ මස්කෙළිය යන ප්‍රදේශ දෙක ද, අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින අගරපතන සහ කොටගල යන ප්‍රදේශ දෙකද වෙනම ප්‍රාදේශීය සභා ලෙස ගැසට් කෙරෙනු ඇත.
ඒ සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා අටක් දක්වා ඉහළ යනු ඇත.
මීට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසිනි.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නුවරඑළියට අලුත් ප්‍රාසභා හතරක්
රජින්ද Tuesday, 31 October 2017 01:26 PM
මෙච්චර කාලයක් සුළු ජාතික මන්ත්‍රීන් උන්නේ ගානට. දැන් මේ යහපාලනය ව්‍යසනය නිසා සුළු ජාතික මන්ත්‍රීන් ප්‍රමාණය වැඩිකරවාගෙන ඔවුන්ගේ බලය තර කරගන්නවා. ලෝකේ සුළු ජාතික ඇමතිවරුන්ට මහා ජාතියක ඉරණම තීරණය කරන්න දීපු පලවෙනි රට වෙන්නේ ලංකාව. ගොඩක් කනගාටුයි.
athuraWednesday, 01 November 2017 04:38 AM
මේ සභා පිහිටුවන්නේ ජනගහනය අනුව මිසක් ජාතිය පදනම් කරගෙන නෙමෙයි මහත්මයෝ. අනෙක යහපාලනය ව්‍යසනයක් වෙලා තියෙන්නේ මැර පාලනයෙන් කාල බීල හිටපු අයට තමයි.
vipulaWednesday, 01 November 2017 05:09 AM
ඉතින් මහත්තයෝ ලංකාවේ ජනගහනය නුවර එළියේ විතරක් වැඩි වුනේ කොහොමොද කියල ඔබ හොයල බැලුවෙයි? එක පාරටම හතරක්ම වැඩි කරන්න. පානදුර පැත්තෙත් දැන් ජනගහනය සැහෙන්න වැඩි වෙලා. මොකද දෙහිවල ගල්කිස්ස මොරටුවේ අය ඒ පැත්තේ ගේ දොර ඉඩන් විකුණලා මේ පැත්තට එනවා.
ධම්ම Tuesday, 31 October 2017 02:08 PM
සීමා පුවරුවේ නුවර එළිය ඉංග්‍රීසියෙන් ලියලා තියෙන හැටි වැරදියි. බලධාරීන් මෙතෙක් එය දැක්කේ නැද්ද.
Hafeel Tuesday, 31 October 2017 02:28 PM
සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතන, චන්ද කොට්ඨාස පිහිටු වන්නේ ජනගහනය සහ බිම් ප්‍රමාණය අනුවයි. නමුත් දැන් එහෙම නොවෙයි වෙන්නේ. පුද්ගලික අරමුණු සඳහා තමයි මේ දේ වෙන්නේ.
upali Tuesday, 31 October 2017 02:42 PM
වියදම වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ
ධම්ම Tuesday, 31 October 2017 03:37 PM
සමාවන්න මටයි වැරදුනේ. සීමා පුවරුවේ දෙමළෙන් කියා ඇති දේ ඉංග්‍රීසියට හරවලා තියෙන්නේ.
Sisira Tuesday, 31 October 2017 04:58 PM
පළාත් පාලන ආයතන යනු රටකට අත්‍යවශ්‍ය ආයතයක්. ඒවා වැඩි කල යුතුයි.
muthu Wednesday, 01 November 2017 03:55 AM
අදහස් නැත