IMG-LOGO

''නවම් පෙරහර හෙළ කලා ශිල්ප ලොවට ගෙන ගිය විශිෂ්ට නිර්මාණයක්''

(අංජුල මහික වීරරත්න)

ගංගාරාම නවම් පෙරහර බෞද්ධ කලා ශිල්ප ලොවට ගෙන ගිය විශිෂ්ට කලා මංගල්‍යයක් බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමියෝ පැවසූහ.

කොළඹ අග නගරය කේන්ද්‍ර කර ගත් ප්‍රධානතම බෞද්ධ පෙරහැර ලෙස ගංගාරාම පෙරහර ඇරඹුමේ සිටම වර්තමානය තෙක්ම අවිවාදයෙන් පිළිගනු ලබන බවද අස්ගිරි අනු නා හිමියෝ පැවසූහ.

අස්ගිරි අනු නා හිමියන් මෙසේ පැවසූයේ කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ පළමු දින පෙරහර අද(15)පස්වරුවේ වීථි සංචාරය ඇරඹීමට පෙර පැවති කෙටි උත්සව සභාවේ අනුශාසනාවක් කරමිනි.

ගංගාරාම සීමාමාලක පරිශ්‍රයේ සතියක් තිස්සේ පිරිත් කරන ලද සධාතුක කරඬුව විහාරස්ථ දායක සභාවේ සභාපති රංජිත් විජේවර්ධන මහතා ප්‍රමුඛ දායක සභාව විසින් බෝ මළුවෙි දී බාරගැනීමෙන් අනතුරුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීමට වැඩමවනු ලැබුවේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතායි.

පෙරහරේ මංගල හස්ති රාජයා වූ කැලණිය රජ මහා විහාරයේ කණ්ඩුල හස්තියා මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු සධාතුක කරඬුව තැන්පත් කළහ.

අනතුරුව පැවති කෙටි උත්සව සභාවේ දී ආණමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමියෝ මෙසේ ද පැවසූහ. කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් මහා පෙරහර වීදි සංචාරය කරන්නේ හතළිස් තුන් වන වතාවටයි.1979 වසරේ ශ්‍රී ඥානේෂ්වර පිරිවෙනේ මා අධ්‍යාපනය ලබන සමයේදී මෙම පෙරහර මංගල්ලය ඇරඹුණා. එකල පෙරහරේ සධාතුක කරඬුව පිටුපසින් අප ගමන් කරන ආකාරය මට මතකයි. ඒ මීට වසර 43කට පෙර අතීතයක්. මා අද මෙහි එන්නේ ගංගාරාම විහාරස්ථානයෙන් මෙන්ම ශ්‍රී ඥානේෂ්වර පිරිවෙන් ලැබූ අධ්‍යාපනයත් ඒකාබද්ධ කරගෙන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කොට පසුව අස්ගිරි අනුනායක නාහිමියන් ලෙසයි. මෙය ඉතා භාග්‍යවන්ත අවස්ථාවක් බව සඳහන් කළ යුතුයි. බුදුන්වහන්සේට ආමිස පූජා කරන ක්‍රමයක් ලෙස මහා විහාරය මුල් කරගෙන මීට වසර දහස් ගණනකට පෙර පෙරහැර සංස්කෘතිය ආරම්භ වුණා. මෙය සිංහල කලාව ඔප් නංවන සිරිතක් ලෙස හැඳින්වීමට හැකියි.

ශ්‍රී දළදා පෙරහර ප්‍රමුඛ කොට ගෙන දිවයිනේ බොහෝ ප්‍රදේශවල පෙරහර පවත්වනු ලබනවා. කොළඹ අග නගරය කේන්ද්‍ර කර ගත් ප්‍රධානතම බෞද්ධ පෙරහර ලෙස හුණුපිටිය ගංගාරාම පෙරහර ඇරඹුමේ සිටම වර්තමානය තෙක්ම අවිවාදයෙන් පිළිගනු ලබන්නක් බව කිව යුතුයි. සැදැහැවත් සිත්වල බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරමින් සිංහල කලාව ගැන ආශ්වාද හැඟීම් ඇති කරන අයුරින් මෙම පෙරහර පැවැත්වීම සතුටුදායක කාරණයක් බව කිව යුතුයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සධාතුක කරඬුව තැන්පත් කොට මෙම පෙරහර මංගල්‍යය අද ආරම්භ කරනු ලැබුවා. රාජ්‍ය සබඳතා ද ඇතිව අගනගරයේ අභිමානය ලොවට පෙන්වීම සඳහා ගංගාරාම පෙරහර මහඟු මෙහෙවරක් සිදු කරනවා.

ගංගාරාමයේ වත්මන් විහාරාධිපති මෙන්ම ලංකාවේ ජාතික ආගමික සංස්කෘතික මෙන්ම අධ්‍යාපන සේවයක් කළ ගල්බොඩ ඥානිස්සර නා හිමියන් ගේ මූලිකත්වයෙන් මේ පෙරහර ඇරඹුවා. ගල්බොඩ ඥානිස්සර නා හිමියන් අද මඳක් රෝගී වී සිටියත් ක්‍රියාදාමය ඒ අයුරින්ම ඉතා හොඳින් කිරින්දේ අස්සජි සහ රතනසාර හිමිවරුන් විසින් කරනු ලබනවා. එය තරුණ භික්ෂූන් වහන්සේලාට වැදගත් පූර්වාදර්ශයක් බව කිව යුතුයි. මෙම පෙරහර සංස්කෘතිය බුදු ගුණ සිහිපත් කරන මහා කලාංගයක් ලෙස හඳුන්වාදීමට හැකියි. ගංගාරාම විහාරස්ථානයේ වැඩ සිටින ඥානිස්සර නා හිමියන්ට පෙරහැරේ නාදය ඇසීම තරම් තවත් සතුටක් නැහැ. උන්වහන්සේ පොඩි හාමුදුරුවන් ලෙස හැඳින්වූවත් නායක තානාන්තර රාශියක් දරමින් සිටිනවා. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙසේ පැවසූහ.

කොරෝනා ලෝක වසංගත තත්ත්වය මැද වුවත් ආගමික චාරිත්‍ර කඩ නොකර අප මේ පෙරහර සෞඛ්‍ය නීති රීති තිතට අනුගමනය කරමින් පවත්වනු ලබනවා. එමෙන්ම වෙනදා මෙන් මහ ජන සහභාගීත්වයකින් තොරව මෙම පෙරහර සිදුකරන බව කිව යුතුයි. අද මහ ජන සහභාගීත්වයක් නැති වුවත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස රටපුරා මහජනතාවට පෙරහර නැරඹීමට පහසුකම් සලසා තිබෙනවා. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ඇරඹුමේ සිටම පෙරහර මංගල්‍යය සඳහා දායක වෙනවා. ඒ දෙදෙනාගේම යෝජනාව වූයේ තමා රාජපක්ෂ මහතාට අද කථාවක් දිය යුතු බවයි. වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා:-

1979 වසරේ දී පොඩි හාමුදුරුවරුවන් මේ පෙරහර ආරම්භ කරනු ලැබුවා. පොඩි හාමුදුරුවන්ගේ සංවිධාන ශක්තිය නිසා වසරින් වසර පෙරහර අලංකාරවත් ලෙස පැවැත්වුණා. පළමුවෙන්ම උන්වහන්සේට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා. අද කිරින්දේ අස්සජි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය අත්දැකීම් සමූහයක් සමඟ ඉතා අලංකාරවත් ලෙස මේ පෙරහර මංගල්‍යය පවත්වනවා.

මෙම පෙරහර සඳහා ඇරඹුමේ සිටම විදේශිකයන් මෙන්ම ස්වදේශිකයන් ද ඉතා උනන්දුවෙන් සහභාගී වෙනවා. වසංගතයක් තිබියදීත් සෞඛ්‍ය නීති රීති අනුව විදේශිකයන් රැසක් මෙම පෙරහරට පැමිණ තිබෙනවා. අප මේ පෙරහැර අගය කරන්නේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීම නිසයි.

මෙම අවස්ථාවට ශ්‍රී පාදස්ථානාධිපති සහ සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවෙි ධම්මදින්න නාහිමි, නැදිමාල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්වරුද සහභාගි වූහ.

(ඡායාරූප ළහිරු හර්ෂණ)



අදහස් (0)

''නවම් පෙරහර හෙළ කලා ශිල්ප ලොවට ගෙන ගිය විශිෂ්ට නිර්මාණයක්''

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site