IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


නෙල්ලිගල විහාරාධිපති හිමියන්ට සහරාන්ලාගෙන් මරණ තර්ජන

(*** මුදිතා දයානන්ද)

තමන් ඝාතනය කරන බවට තර්ජනය කර ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ලිපි ශීර්ෂය යටතේ 2019 මැයි 14 වැනිදා ලිපියක් ලැබුණු බව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතුකුඹුරේ ධම්මරතන හිමියෝ පසුගියදා හෙළි දරව් කළහ.


පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඉඳන් 22 වැනිදා සාක්ෂි දෙමින්, උන්වහන්සේ මෙසේ සඳහන් කළහ.

නෙල්ලිගල විහාරස්ථානය ඉදිකර ඇති භූමිය රජයට අයත් ඉඩමක් බවද 2014 පෙබරවාරි 04 වැනිදා ව්‍යාපාරිකයකුද සමග පැමිණි මුස්ලිම් ජාතිකයන් පිරිසක් එහි අනවසරයෙන් පල්ලියක් ඉදිකිරීමට කටයුතු කරන බවට ප්‍රදේශවාසීන් තමන්ට පැවසූ බවද උන්වහන්සේ පැවසූහ. එම ස්ථානයට පසුදින තමන් තරුණ පිරිසක්ද සමග ගොස් එසේ ඉදිකිරීම් ආරම්භ කර තිබූ ගොඩනැගිල්ලේ කොටස් කඩා බිඳ දැමූ බවද ධම්මරතන හිමියෝ කොමිසම හමුවේ කීහ.

අනතුරුව තමන්වහන්සේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවලින් අවසර ඇතිව 2014 අගෝස්තු මාසයේදී තිස් අවුරුදු බදු පදනම යටතේ එම භූමිය ලබාගත් අතර එය ප්‍රමාණවත් නොවු නිසා ප්‍රදේශවාසීන්ගෙන්ද ඉඩම් කොටස් කීපයක් මිලදි ගෙන වර්තමානයේ එහි ඉදිකර තිබෙන විහාරස්ථානයේ ඉදිකිරිම් ආරම්භ කළ බවද ධම්මරතන හිමියෝ පැවසූහ.

ඉදිකිරීම් සිදුකෙරෙන අතරතුර 2016 ජුනි මාසයේදී සහරාන් තවත් පස්දෙනකු සමග පැමිණ එම පුදබිමට යාබද ඉඩමක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ යැයි පැවසූ බවද උන්වහන්සේ කීහ. එම ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් ඉදිකරනවාට තමන් වහන්සේ විරුද්ධ වන්නේද? එසේ නම් මෙය ඉදිකිරිම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි සහරාන් තමන්ගෙන් විමසා සිටි බවද එවිට තමන් එවැනි ඉදිකිරීමකට එකඟ නැති බව දැනුම් දුන් බවද ධම්මරතන හිමියෝ පැවසූහ. සහරාන් හෂීම් සාමාන්‍ය මුස්ලිම් අයකුටත් වඩා හොඳට දක්ෂ ලෙස සිංහල උච්චාරණය කළ බවද උන්වහන්සේ කීහ. නෙල්ලිගල පුදබිම ආසන්නයෙන්ම ඉඩමක් ලබාගැනීමේ දැඩි ආසාවක් සහරාන්ට තිබුණ බව තමන්ට අවබෝධ වුණ බවද “අපිට එකට වැඩ කරන්න පුළුවන්” යැයි සහරාන් තමන්ට පැවසූ බවද ධම්මරතන හිමියෝ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසූහ.

2017මාර්තු වලදී නැවත සහරාන් කිසියම් ආයතනයක ඉගෙන ගන්නා පිරිසක් බඳු එකම ඇඳුමකින් සැරසුණු පනහක පමණ මුස්ලිම් තරුණ පිරිසක් සමග බස් රථයකින් නෙල්ලිගල පුදබිමට පැමිණ තමන්ගෙන් තේ ඉල්ලාගෙන බිව්ව බවද උන්වහන්සේ කීහ.   
ඉන්පසු සහරාන් තමන් සමග බුදුදහමේ හා ක්‍රිස්තියානි දහමේ ඇතැම් කරුණු ගැන සාකච්ඡා කළ බවද තමන් සොහොන් වන්දනාවේ යෙදෙන සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් ගැන දුක්වන බව පැවසූ බවද ධම්මරතන හිමියෝ පැවසූහ. එසේම වතුකරයේ දෙමළ ජනතාව ගැන දැඩි මානුෂීය බවකින් කතා කළ සහරාන් ඔවුන් ප්‍රභාකරන්ට සහාය දුන්නා නම් මෙවැනි දුකක් විඳින්න වෙන්නේ නැතැයි පැවසූ බවද ධම්මරතන හිමියෝ කීහ.

නැවත 2017 අගෝස්තු මාසයේදීද පැමිණ බොහෝ ආගමික කාරණා ගැන කතා කරමින් සිටි බවද ඒ වන විට ඔහු මුස්ලිම් අන්තවාදි අදහස් දරන්නකු බව වැටහුණ බවද උන්වහන්සේ පැවසූහ. ඉන්පසු අවස්ථා කීපයකදි සහරාන් තමන්ට දුරකථනයෙන් කතා කර තමන් මාවනැල්ල, නුවරඑළිය, කාත්තන්කුඩි වැනි ප්‍රදේශවල ජීවත්වන බවට පැවසූ බවද අවසන් වරට ඔහු ඇමතුමක් දුන්නේ 2019 පෙබරවාරි 23 වැනිදා බවද එහිදි දැඩි ආවේගශිලී ස්වරූපයකින් ආරාබි වැනි භාෂාවකින් කතා කළ බවද අවසානයේ “උඹ ඥානසාර වගේ නෙවෙයි, මහ කපටියෙක්, මුස්ලිම් මිනිස්සුන්ගේ ඉඩම් සියල්ල කොල්ල කනවා” යැයි  පැවසූ බවද ධම්මරතන හිමියෝ සිය සාක්ෂියේදි අනාවරණය කළහ.

2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව තමන් එකල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති මහේෂ් සේනානායක, පොලිස්පති පූජිත් ජයසුන්දර යන ආරක්ෂක අංශ ප්‍රධානීන්ට සහරාන් ගැන දැනුම් දුන් පසු විහාරස්ථානයට හමුදා ආරක්ෂාව සැපයූ බවද උන්වහන්සේ පැවසූහ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව එම වසරේ මැයි 14 වැනිදා තමන් වහන්සේට සහරාන්ලාගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ලාංඡනය සහ ඔවුන් බැනර්වල භාවිතා කර ඇති ලාංඡනය සහිත ලිපි ශිර්ෂයක් යටතේ මරණ තර්ජනය කරමින් නිර්නාමික ලිපියක් ලැබුණ බවද “නුඹ දැන් පවුසමාකර ගනු. ළඟදීම නුඹව අවසන් කරනවා” යැයි එහි සඳහන් වූ බවද ඒ ගැන පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට පැමිණලි කළද තමන්ගෙන් ප්‍රකාශයක්වත් සටහන් කර නොගත් බවද ධම්මරතන හිමියෝ කොමිසම හමුවේ කීහ.

 



අදහස් (0)

නෙල්ලිගල විහාරාධිපති හිමියන්ට සහරාන්ලාගෙන් මරණ තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 186 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 373 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site