ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහභාගිවන පිරිමි කේවළ ඉසව්වේ පෙර අර්ධ අවසන් පුර්ව වටයේ තරගය (ක‍්‍රීඩකයන් 16 දෙනාගේ වටය) හෙට (1 වැනිදා) වෙම්බ්ලි ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. නිලූක, පෙර අර්ධ අවසන් පුර්ව වටයේදී ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි සමඟ තරග වදියි.
කාශ්‍යප පරුපල්ලි සහ වියට්නාමයේ ටින් මින්ග් නගුයෙන් අතර අද (31) පැවැති ‘ඞී’ කොටසේ තරගයෙන් ඉන්දිය ක‍්‍රීඩකයා 21/9, 21/14 ක් ලෙස ජය ලබා ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට පැමිණියේය.
මුලික වටයේ තරගයේදී බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) 8 වැනි ස්ථානයේ සිටි ජපානයේ කිනිචි ටගෝ පරාජය කරමින් නිලූක, පළමු ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට පැමිණියේය.
මෙම විශිෂ්ට ජයත් සමගින් නිලූකට හෙට හමුවන 26 හැවිරිදි ඉන්දියාවේ කාශ්‍යප, ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 21 වැනි ස්ථානයේ සිටින ක‍්‍රීඩකයාය. කාශ්‍යප හමුවේ ඊයේ පරාජය වු වියට්නාම් ක‍්‍රීඩකයා ලෝක ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානයේ සිටියි.
ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප සමග නිලූක තරගවදින පළමු අවස්ථාව මෙය නොවේ. මෙම වසරේ ජනවාරී මස ස්විඩනයේ පැවැති ‘ස්විඩන්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී නිලූක සහ කාශ්‍යප තරගයකට සහභාගිවී ඇති අතර එහිදී 21/12, 19/21, 21/12 ක තියුණු තරගයකින් පසුව කාශ්‍යප ජය ලබා තිබේ.
එසේ වුවත් 27 හැවිරිදි නිලූක, මේ වන විට ලෝකයේ අට වැනියා පරදවා වත්මන් ලෝක බැඞ්මින්ටන් පිටියේ පෙරළියක් ඇති කළ ක‍්‍රීඩකයා බවට පත්ව සිටියි.
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී කොතරම් දක්‍ෂයන් තරග කළත්, තරගය පැවැත්වෙන දිනයේ වාසනාව, දක්‍ෂතාව හිමි ක‍්‍රීඩකයාට ජය හිමිවන බව නිලූක, පළමු වටය ජය ගැනීමෙන් පසුව මාධ්‍යයට පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නිලූක හෙට යළිත් තරග බිමේ
අනුර Tuesday, 31 July 2012 11:06 PM
ඔයා හෙටත් දිනනවා නිලුක.. ඔබට දෙවි පිහිට ලැබේවා..!!(නු)
ගයාන් චින්තක Wednesday, 01 August 2012 03:22 AM
අපේ නිලුක අද තරගය දිනලා සුපිරි අට දෙනාට තේරෙනවා.. ලංකා මාතාව නැවත ඔලිම්පික් පදක්කමින් බබලවන්නට ඔයාට තිස්තුන්කෝටියක් දෙවි රැකවරණය ලැබේවා.. නිලුක..!!(නු)
සනත් ඉන්දික Wednesday, 01 August 2012 03:47 AM
නිලුක ඔබට සැමගේ ශක්තියෙන් හෙට දිනන්න ලැබෙන්න ඕනේ අපේ 11 දෙනෙකුට තමා ගහගන්න බැහැ ඉන්දියාවට ඔයා එක හෙට තනියම කරලා පෙන්වන්න කොහොමත් ඉන්දියාවට අපිට රිදවන්න පුළුවන් ඔකොම තමයි (නු)
ප්‍රියන්ත Wednesday, 01 August 2012 04:18 AM
සුභ පැතුම්...!(නු)
සම්පත් Wednesday, 01 August 2012 06:17 AM
ජය ජය ජය ජය වේවා...! සියළු දෙවියන් රැක දේවා....!!(නු)
අශාන් Wednesday, 01 August 2012 07:00 AM
ගහපන් කොල්ලෝ ගහපන්. දිනන එක ෂුවර්. (නි)
අමිල Wednesday, 01 August 2012 07:09 AM
ජය වේවා! (නි)
නාවලගේ Wednesday, 01 August 2012 08:15 AM
නිලූක, අපිට අවශ්‍ය පදක්කමක්...... (නි)
ඉසුරු Wednesday, 01 August 2012 09:52 AM
ලක් පුතණුවනි, ඔබට ජයෙන් ජය! (නි)
අසින්ත Wednesday, 01 August 2012 09:59 AM
නිලූකට කතරගම දෙවියන්ගේ පිහිටයි! (නි)
ඉන්දික Wednesday, 01 August 2012 10:02 AM
නිලූක, ඔබට අපගේ ජනතා විමුක්ති පෙරමුණේ ආචාරය! ජය ගැනීමට ශක්තිය ලැබේවා! (නි)
චානක Wednesday, 01 August 2012 10:24 AM
ජය වේවා සහෝදරයා! (නි)
බුද්ධික Wednesday, 01 August 2012 10:25 AM
ඔයා හෙටත් දිනනවා නිලුක.. ඔබට දෙවි පිහිට ලැබේවා! (නි)
චමිල Wednesday, 01 August 2012 10:33 AM
නිලූක, ලංකාවේ එකම බලාපොරොත්තුව ඔබයි. (නි)
ජනක Wednesday, 01 August 2012 10:53 AM
හොද තරගයක් දෙන්න මල්ලී. සියළු දෙවි පිහිටයි! (නි)
චමින්ද Wednesday, 01 August 2012 02:27 PM
තියුණු තරගයක් යනවා....... අපේ කොල්ලට දිනන්න ශක්තිය ලැබේවා....... (නි)
අමිල Tuesday, 31 July 2012 10:34 PM
නිලූක, ලක බැබළවීඹට ධෛර්යයෙන් අධිෂ්ඨානයෙන් ජය ටැඹ කරා පිය නැගීමට අවශ්‍ය ධෛර්යය සහ ශක්තිය ලැබේවා! (නි)