(සුදත් එච්. එම්. හේවා)
කොටගල කුඩාගම හෝටලයක නිරෝධායන ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් විවාහ උත්සවයක් සදහා පැමිණි 15 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පැවසීය.
හැටන් කුඩාගම හෝටලයක ඊයේ (30) නිරෝධායන නිති උල්ලංඝණය කරමින් විවාහ උත්සවයක් පවත්වන බවට 119 ඔස්සේ කරන ලද දැනුම් දිමක් මත දිඹුල පොලිසිය එම ස්ථානය වැටලා මොවුන් නිරෝධායනය කළ බව වෛද්‍ය නිරලධාරීවරයා පැවසීය
එම පිරිස 15 දෙනකුගෙන් සමන්විත බවත් එම 15දෙනා ඔවුන්ගේ නිවෙස් තුලම නිරෝධානයට ලක් කල බවත් අදාල හෝටලයද වසා දැමිමට උපදෙස් ලබාදි එම හෝටලයේ පිරිසද නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා තව දුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.