IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නිරෝධායනය වූ තවත් 16 ක් පිටව යති

(රොමේෂ් මධුෂංඛ)

යුද හමුදාවේ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී  නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 16 දෙනෙකු අද (03) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාව පවසයි.

පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගිය අවසන් කණ්ඩායමද මෙය බව යුද හමුදාව සඳහන් කළේය.

යුද හමුදාව හා ගුවන් හමුදාව වන්නි දිස්ත්‍රික්කයේ පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථානයන්හි සිට නිරෝධායනය ක්‍රියාවලිය අවසන් වී පුද්ගලයින් 538 දෙනෙකු මේ වන විට නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

යුද හමුදාවේ අධීක්ෂණය යටතේ  පෙරියකාඩු හා පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය අවසන් කළ   පුද්ගලයින් 332 දෙනෙකු ද ගුවන් හමුදාව අධීක්ෂණය යටතේ වන්නි ගුවන් හමුදා කඳවුරේදී පුද්ගලයින් 206 දෙනෙකුද මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් තිබේ.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතාගේ අධීක්ෂණය පරිදි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය හා වන්නි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු ඩී.සී.අයි.වීරසූරිය මහතාගේ අධීක්ෂණයන් පරිදි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් දිනක් දෙකක් වැනි කාලයක් තුලදී පිහිටුවා නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය සිදුකරනු ලැබීය.

 

 

 

 



අදහස් (0)

නිරෝධායනය වූ තවත් 16 ක් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31523 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13862 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11070 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 156 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site