IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නිරෝධායනයට යොමු කළ ධීවර ආශ්‍රිතයෝ මුහුදින් පලා යති

(එම්.කේ.නන්දසේන)

තිස්සමහාරාම කිරින්ද ආමදුව නමින් හඳුන්වන සීමාවේ ධීවරයින් පිරිසකට කොරෝනා වයිරසය  ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනය කර සිටි ළඟම ආශ්‍රිතයින් පිරිසක් මුහුදු මාර්ග ඔස්සේ පැනගොස් ඇතැයි තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි මහතා පැවසීය.

මෙම ස්ථානයේ වාඩි පැල්පත් තුළ සිටි 85 ක් පමණ පිරිසෙන් 22 දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනයවී තිබිණ.

ධීවර වාඩි පැල්පත් තුලම පළමු පෙළ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කර සිටි මෙම පිරිස ඉකුත් 23 දා වන විට දින 14 සම්පූර්ණකර තිබූ බව ද කියයි. එසේ නමුත් ඔවුන්ගේ ජීවන රටාව අනුව තවත් දින 14ක් නිවෙස් තුළම නිරෝධායනය වන ලෙසට උපදෙස් දී තිබූ නමුත් එම පිරිසෙන් 15ත් 20ත් අතර පිරිසක් මුහුදු මාර්ග ඔස්සේ පිටව ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද සෞඛ්‍යය වෛද්‍ය නිලධාරිවරයා කීය.

මෙම පිරිස තංගල්ල, කුඩාවැල්ල, දෙවුන්දර, මාතර, වැලිගම යනාදී දකුණු ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මේ සම්බන්ධයෙන් ඥාති හිතවතුන් සිය අවධානය යොමුකර නිවෙස් තුළ තවත් දින 14 ක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වන ලෙස තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි මහතා ඉල්ලා සිටියේය.



අදහස් (1)

නිරෝධායනයට යොමු කළ ධීවර ආශ්‍රිතයෝ මුහුදින් පලා යති

විපරමා Thursday, 25 February 2021 12:08 PM

මේ පැනලා ගිය කට්ටිය තව කී දෙනෙකුට කොරෝනා බෝකරලා ඇත්ද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31515 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1070 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site