IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නයිනමඩමේ රිය අනතුරකින් 6ක් මරුට

වෙන්නප්පුව නයිනමඩම පාලම අසළදී අද(20) අලුයම මාළු ලොරියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් මෝටර් රථයේ  ගමන්ගත් හය දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

නයිනමඩම ගිං ඔය හරහා ඉදිකර ඇති පාලම අසළදී මෙම අනතුර සිදුව තිබේ.

මියගිය පිරිස  වෛයිකාලේ පැවැති ප්‍රියසම්භාෂණයකට සහභාගී වී නිවෙස් බලා යමින් සිටි පිරිසක් බව ද පොලිසිය සඳහන් කරයි.

මියගිය සහ තුවාල ලැබුවන් කොලිංජාඩිය සහ උල්හිටියාවේ පදිංචි වයස අවුරුදු 30-40 අතර වූවන් බව ද පොලිසිය කියයි.

අනතුරු වූ ස්ථානයේ හතර දෙනකු මියගොස් ඇති අතර සෙසු දෙදෙනා රෝහලට රැගෙන යද්දී මියගිය බව පොලිසිය පවසයි.

තුවාල ලැබූවෝ මීගමුව සහ කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබති.

( චන්දන ප්‍රනාන්දු) 

(85515)



අදහස් (15)

නයිනමඩමේ රිය අනතුරකින් 6ක් මරුට

lanka Sunday, 20 January 2019 04:24 AM

අද දිනකට රිය අනතුරු වලින් මිය යන මිනිසුන් ගණන, යුද සමයේදී දිනකට මියගිය ගනනට වඩා වැඩියි. මා සිතන්නේ මීට ප්‍රධාන හේතුව නම් පාරේ සිටින අවිනීත, අසංවර රියදුරන්ය. පොලිසියට රටේ සියලු මාර්ග ආවරණය වන පරිදි රාජකාරි කල නොහැක. එබැවින්, රිය අනතුරු සිදුවීම වළක්වා ගැනීම රියදුරන්ගේ වගකීමයි. මේ ප්‍රවෘතියේ සඳහන් වන පරිදි මොවුන් ප්‍රියසම්භාෂණයකට සහභාගී වී අලුයම් කාලයේ ගමන් කර ඇත. එබැවින්, මොවුන් මත්පැන් ගෙන සිටියාද යන්න සැක සහිතයි.

:       0       69

බන්දුල Sunday, 20 January 2019 04:30 AM

රා, අරක්කු බිලා රියපදවන්න හොද නැහැ. ඒකයි අනතුරු වලට ගොඩක් හේතුව...

:       0       19

Raveendra Sunday, 20 January 2019 04:37 AM

ඡායාරූප දැකීමෙන් ඇති වුනේ මහත් සංවේගයකි. වේගය පිළිබඳව හිතා ගැනීමටද හැකිය.

:       0       42

Raveendra Sunday, 20 January 2019 04:55 AM

ඡායාරුප දැකීමෙන් ඇති වුනේ මහත් සංවේගයකි. වේගය පිළිබඳව හිතා ගැනීමටද හැකිය.

:       0       1

එරික් Sunday, 20 January 2019 06:04 AM

කාර් එකේ කීදෙනෙක් නැගලා හිටියද?

:       4       8

Sunil Sunday, 20 January 2019 06:46 AM

ඔහොම වෙලා මදි.

:       67       135

සත්‍යාජිත් Sunday, 20 January 2019 07:13 AM

ලංකාවේ පුංචි කාර් පිස්සුව... මෙම වාහනවලට ජපානයේ කියන්නේ ඇවිදින මිනීපෙට්ටි කියලා.

:       81       13

CjSunday, 20 January 2019 01:25 PM

මේක පොඩි එකක් නෙමෙයි. පේන හැටියට ටොයෝටා ප්‍රෙමියෝ එකක්... අධික වේගයෙන් ගිහින් ලොරිය අස්සට ගිහින් වගේ...

:       0       168

CJ Sunday, 20 January 2019 01:28 PM

පසුපස ආසන වල හිටිය අය සීට් බෙල්ට් දාලා හිටියා නම් බේරෙයි වගේ..

:       1       3

silva Sunday, 20 January 2019 02:24 PM

වාහනේ 9ක් ඉඳලා... මේ වෙනකොට 7ක් මැරිලා...

:       0       1

lanka Sunday, 20 January 2019 05:39 PM

මේ වාහනය ඊට ඉදිරියෙන් ගිය ලොරියක පිටුපස තමයි හැපී තිබෙන්නේ. අනුමානයක් නැහැ, මොවුන් ප්‍රිය සම්භාෂණයට ගොස් හොඳින් බීමත්ව ඉන්ට ඇති.

:       0       2

අානන්ද පිටබැද්දර Monday, 21 January 2019 02:30 AM

වටින ජීවිත තමයි දවස ගානේ අකාලයේ නැතිවෙන්නේ. ගවයන්, අෟරන්, කුකුළන් වගේම මාළුන් කෝටි ගණනකගේ ජීවිත අහිමි කරන අපේ රට දිහා දැන් දැන් දෙවියන්ගේ බැල්ම, අාරක්ෂාව නැත්තටම නැතිවෙලා. මගේ මව්බිමේ ජීවත්වන සුපින්වතුනි, හැකිතාක් දහමින් ජීවිත අාෙලා්කමත් කර ගන්න. එවිට අප හැමෝම සුරැකේවි...

:       111       147

RohanaMonday, 21 January 2019 03:53 AM

වාහනයක අනතුරක් ඇතිවන්නේ බොහෝවිට පදවන්නගේ වරදින් මිසක් දෙවියන්ගේ බැල්ම නැති නිසා නොවෙයි. මෙවැනි මිථ්‍යා මත වලින් වැළකී සිටීම හොඳයි.

:       37       143

අළුගෝසුවා Monday, 21 January 2019 03:40 AM

මෙම කාර් එකේ තිබිලා ගිනි අවියකුත් හමුවෙලා කියල තවත් පුවතක් තිබුණා. ඉතින් මේ අය ගැන අනුකම්පාවක් ඇති වෙන්නේ කොහොමද?

:       0       83

mmsi thilakarathne Monday, 21 January 2019 04:57 AM

මෙයාල මේ පිස්සෝ වගේ බීල මැරිලා ගියාම මෙයාලගේ බිරින්දෑවරු කනවැන්දුම් වෙලා අසරණ වෙනවනේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 264 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2106 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1608 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site