IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නායගිය කන්ද අයිනේ ආරක්ෂක වැටියක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නායගිය කන්දට ස්ථිර පිළියම් යොදන තුරු මීටර් 200ක් දිගට මීටරයක් පළලට තාවකාලික පස් බැම්මක් ඉදිකරන ලෙස මොරටු සරසවියේ භූවිද්‍යාඥයෝ උපදෙස් දුන්හ. ඉවත් කළ පස් මලුවලට පුරවා එම බැම්ම ඉදිකිරීමට නියමිතය. එම ප්‍රදේශය අනතුරු සහිත ප්‍රදේශයක් බව වාහන වලට දැන්වීමට සේවකයන් යොදවන ලෙස ද ඔවුහු උපදෙස් දුන්හ. මෙම කන්දේ පැල්ම මුලින්ම දුටු නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මෙහෙයුම් කළමනාකරු ආර් ඒ බී කහටපිටිය මහතා පැවසුවේ පාර දෙපස නිරතුවම සෝදිසි කිරීම තම සිරිතක් බවයි. මොරටු සරවියේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය කුලතිලක කියා දුන් පාඩමක් අනුව එම පියවර ගත් බවත්, ඒ නිසාම කළින් අනතුරු අඟවා ජීවිත විනාශය වලක්වා ගැනීමට හැකිවූ බවත් ඔහු කියයි.



අදහස් (0)

නායගිය කන්ද අයිනේ ආරක්ෂක වැටියක්

එරංග Monday, 05 November 2012 11:58 AM

චීනේ අය මොනවා කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අජිත් Monday, 05 November 2012 01:01 PM

කන්දෙ පැල්ම මුලින්ම දැක්කෙ මෙයාද? ඉතින් දෙයියනේ මොකද නම හෙළිකරන්න අකමැතියි කියල කලින් කියලා, දැන් නම හෙළි කළේ. උසස්වීමක්වත් ලැබෙයි කියල හිතුවද? මොනව උනත් ඔබ වගකීමක් දරන්න සුදුසු නිළධාරියෙක්.ඔබේ සේවයට මගේ ආචාරය! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site