නාපොලි නුවර ශ්‍රි ලාංකිකයකූට අයත් ආපන ශාලාවකට තවත් ශ්‍රි ලාංකිකයින් පිරිසක් විසින් පහර දී අලාභ හානි කළැයි ඉතාලි පොලීසියට පැමිණිලි කර ඇත. මීගමුවේ ව්‍යාපාරිකයකූට අයත් මෙම ආපන ශාලාවට පහරදී තිඛෙනුයේ තවත් මිගමුවේ තරුණ පිරසකි.
ව්‍යාපාරිකයා තම ආපන ශාලාව ඉදිරිපිට බිමතින් ඉතා අසෝබන ලෙස හැසිරුන තරුණයින් (15 දෙනකු පමණ) පිරිසට ඵම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස පැවැසීම ඊට හේතුව බව කියති.
ආපන ශාලාවේ මුදල් ලාචිචුව අතූරුදන්ව ඇති බවත් යුරෝ 3000ක ආලාභයක් ආපන ශාලාවට සිදුව ඇති බවත් පොලිසීය පවසයි. මොවුන් සියලු දෙනා අත්අඩංගූවට ගැනිම සදහා පොලිසිය පරීක්ෂණ පවත්වයි. පහර දුන් අය අතර මත් ද්‍රව්‍ය ගත් පිරිස් සිටි බවට ද පොලීෂියට පැමිණිලි ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාපෝලි මීගමු කඩේට මීගමු ප්‍රහාරයක්
අමිල Wednesday, 09 January 2013 01:45 AM
මිනිස්සු වෙලත් මෙහෙම වැඩ කරනවාද (දී)
ජූඩි Wednesday, 09 January 2013 02:21 AM
මීගමුව වෙනුවෙන් මීගමුව (ස)
කමල් Wednesday, 09 January 2013 12:21 PM
ලංකාවේ අයනේ. ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනේ (ස)
සම්පත් Wednesday, 09 January 2013 06:17 AM
බලු නැට්ට කෙළින් කරන්න බැහැ වගේම මිනිස්සු රට ගියත් එයාලගේ ගතිය වෙනස් වෙන්නේ නැහැ. (නි)
වසන්ත Wednesday, 09 January 2013 07:08 AM
මෙවැනි දේ කරන, අපේ රටේ නම කන්නන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
සුසන්ත - ඉතාලිය Tuesday, 08 January 2013 05:55 PM
අපිටත් ලඟඳිම දවසක එන්න වෙයි වගේ... මෙයාලා කරන මේ වැඩ නිසා. (නි)
අසෝක Tuesday, 08 January 2013 06:23 PM
අපේ මිනිසුන්ට පිටරටකට ගියත් සමගියෙන් ඉන්න බැහැනෙ. ඉතින් කොහොමද අපි එකාවගේ නැගී සිටින්න පුලුවන් වෙයි කියල හිතන්නේ. (දී)
පනාගොඩ Tuesday, 08 January 2013 06:36 PM
වෙන්නප්පු - මීගමු ප්‍රජාව අතර මෙවැනි දේවල් සුලභයි. (නි)
නිත්‍යා Wednesday, 09 January 2013 09:17 AM
ඉතාලියේ ජනග්‍රහනයෙන් කැපී පෙනෙන ප්‍රමාණයක් සිටින්නේ ලංකාවේ අයද ? (ස)
සෑම් Wednesday, 09 January 2013 09:22 AM
ගමේ ගතිය වෙන්න ඇති. (නි)
හරීන් Tuesday, 08 January 2013 07:04 PM
බෝට්ටු වලින් ඉතාලි පැනපු අඩු අධ්‍යාපන මට්ටමේ අයනේ වැඩිපුර එහෙ ඉන්නේ. (නි)
සුනිල් Tuesday, 08 January 2013 07:21 PM
අපේ රටේ අයට ලෝකයේ කොහේ හිටියත් සුපුරුදු පුරුදු අත්හළ නොහැක. (නි)
රොෂාන් Tuesday, 08 January 2013 07:27 PM
මේ මීගමුවේ අය නිසා අපිටත් දැන් හරි කරදරයි. (නි)
අමිල Wednesday, 09 January 2013 09:50 AM
නෑ නිත්‍යා, අපේ අය කැපී පේන්න වැඩ කරනවා.ඒකයි. (ස)
අචිනි Wednesday, 09 January 2013 09:52 AM
රම්‍යා නිවැරදියි. හුගක් පිටරට කට්ටිය අපේ රට ගැන දරන අදහස ඕක තමයි. (නි)
සනත් Tuesday, 08 January 2013 08:14 PM
ගම කෑවා මදිවට රටත් කනවනේ මෙයාලා. (නි)
අනුර Tuesday, 08 January 2013 08:55 PM
අපේ මිනිස්සුන්ට කොහේගියත් ජන්ම ගති අමතක කරන්න බැහැ වගේ නේද? (නි)
රම්‍යා Tuesday, 08 January 2013 09:02 PM
ලංකාවේ අය ගිය තැන ඉවරයි. (නි)
රම්‍යා Tuesday, 08 January 2013 09:01 PM
මම ඉන්නේ පින්ලන්තයේ. හැමෝම කියන්නේ ලංකාව ලස්සනයි, හැබැයි වැඩ කැතයි කියලා. (නි)
රාජා Wednesday, 09 January 2013 11:01 AM
පිට රටක සිට ලංකාවේ නම කැත කරන වැඩ කරන අයට උපරිම දඬුවම් දෙන්න ඕනෙ. (ස)
අචිනි Wednesday, 09 January 2013 11:03 AM
අයියෝ සල්ලි
ලංකා Wednesday, 09 January 2013 06:19 PM
අයියෝ සල්ලි (දී)
ඩීන් Wednesday, 09 January 2013 12:42 AM
එයාලා ලංකාවේ කියලා ලෝකයටම පෙන්නන්න එයාලට ඕනෑවෙන්න ඇති. (නි)