
(වසන්ත චන්ද්‍රපාල)
නින්දවුර් 01 ප්‍රදේශයේ මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනකු දියවැලකට හසුවී මුහුදට ගසාගෙන යද්දී එක් අයකු බේරාගෙන ඇති අතර දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි නින්දවුර් පොලිසිය පවසයි.
මුහුදට ගසාගෙන යමින් සිටි තරුණයන් දුටු ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වී ඉන් එක් තරුණයෙකු නිරුපද්‍රිතව බේරාගෙන ප්‍රතිකාර සඳහා නින්දවුර් මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අතුරුදන් වූ තරුණයින් දෙදෙනා සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව නින්දවුර් සහ ඒ අවට මුහුදු ප්‍රදේශයේ පුළුල් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd