
(සුරංග රාජනායක සහ රංජිත් රාජපක්ෂ)
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසු සිය සැමියාගේ තියුණු පිහි ප්රහාරයක් සහ විශාල කළුගලක් හිසට දමා සිය බිරිඳ ඝාතනය කර ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නාවලපිටිය සෙම් රොක් පෙදෙසේ නිවසක සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි නමැති හතළිස් හැවරිදි තිදරු මවකි.
බිරිඳ ඝාතනය කිරීමෙන් පසු සැමියා වූ හතලිස් දෙහැවිරිදි මියගිය කාන්තාවගේ සැමියා නාවලපිටිය පොලිසියට බාර වූ බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
වෙන්වෙලා හිටියනම් ආයේ මොකටද මේ මනුස්සයා පිහියෙන් අනින්නේ. මෝඩකම කියන්නේ පුදුම කරුමයක්. මෙලොවත්, පරලොවත් දෙකම දුක. දැන් ඉතින් හිරේ ඉඳන් හිත, හිත දුක් විඳින්න වෙන්නේ මැරෙනකම්. ගැලපෙන්නේ නැත්නම් වෙන් වෙයල්ලා මරන්නේ ඇයි...... ඒ මියගිය මවතුමියට නිවන්සුව පතමු, මෙවන් අකල් මරණයක් මින් මතු නොමවෙවා.
ප්රශ්න ඇත්නම් වෙන්වී ජීවත්වෙනවා මිස තම බිරිදට පිහියෙන් ඇන මරාදැමීම මහ තිරිසන් වැඩක්. මූට නීතියෙන් උපරිම දඩුවම් ලබාදිය යුතුයි.
බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකලත් අපේ සමාජය ඉතාම තිරිසන් තත්වයකයි පවතින්නේ .
සිංහල මිනිස්සුන්ට කෝපය පාලනය කරගන්න බැහැ, එක ළදරුවන්ගේ ළදරු ලක්ෂනයක්. වැඩිහිටියෝ වුනත් ළදරුවෝ වගේ කෝපාවෙගයෙන් වෙවුලන වැඩිහිටියෝ ඉන්නවා, සුළු දෙයටත් තරහා යනවා. ඉතින් හැම තැනම මිණීමැරුම්