(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කන්දකුලිය සිවිල් ආරක්ෂක පුහුණු කදවුරේ සිවිල් ආරක්ෂක භටයින් 30 කට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙසේ කොරෝනා ආසාදනය වී ඇත්තේ 73 වැනි නිදහස් උත්සවය වෙනුවෙන් සහභාගි වු කන්දකුලිය කදවුරේ සිවිල් ආරක්ෂක භටයින් 30 දෙනෙකුටය.
සිවිල් ආරක්ෂක දේපාර්තුමේන්තුවේ පිරිස් හා පාලන අධ්‍යක්ෂ කර්නල් ඊප්සිත දිසානායක මහතා පවසා සිටියේ නිදහස් උත්සවයට සහභාගි වු සිවිල් ආරක්ෂ භට පිරිසකට හා නිළධාරින් පිරිසක් මේ වන විට කොරෝනා ආසාධිත වී තිබීම නිසා කල්පිටිය පුහුණු කදවුරේ භට පිරිස් 62 දෙදෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවකට ලක්කර තිබු බවයි.
එසේ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවකට ලක්කර සිටි පිරිසෙන් 30 දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට අද (11) සවස සෞඛ්‍ය අංශ සනාථ කල බවද කර්නල් දිසානායක මහතා පවසයි.
එම ආසාධිත සිවිල් ආරක්ෂක භටයින් දංකොටුව කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට කටයුතු කරමින් ඇති බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිදහස් උලෙළට ගිය කන්දකුලිය සිවිල් ආරක්ෂක භටයන් 30 කට කොරෝනා
පිටිගල මිලානෝ Friday, 12 February 2021 07:27 AM
ලබපු හරිහමන් නිදහසකුත් නැතිව ගිහිල්ලා අඩව් අල්ලනවා.. දේශපාලකයින්ගේ කීමට. දේශපාලකයෝ විශේෂයෙන් මෙම අර්බුදකාරී වෙලාවකදීම මේවා සංවිධානය කරන්නේ රටට ආදරේට නොව ඔවුන්ගේ කුණු වහගන්නයි. නිදහස අඩුවීමෙන් ලැබුණු කොරෝනාවත් අරන් ගෙදර ගිහිල්ලා දුප්පත් දෙමාපියන්ට පූජා කරන්න.