IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නිදහස් උත්සවයට ගිය සිවිල් ආරක්ෂක බළකායේ 50කට කොවිඩ්

(ඉන්දිකා රාමනායක)

මෙවර නිදහස් උත්සවය සදහා සහභාගී වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට කණ්ඩායමෙන් 50 ආසන්න පිරිසක් කොවිඩ් ආසාදිතයන්  බවට  හදුනාගෙන ඇති බව  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

තෝරාගත් නිලධාරිනියකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මෙවර උත්සවයට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කිසිදු කාන්තා නියෝජනයක් සිදු නොවු බවද  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  පිරිස් පාලන අධ්‍යක්ෂ කර්නල් ඊප්සිත  දිසානායක මහතා පැවසීය.

නිදහස් උත්සවයට  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  450 ට ආසන්න පිරිසක් සහභාගි වු බවත්  ඔවුන් අතරින් මෙම පිරිස  ආසාදිතයන් වශයෙන් හදුනාගෙන ඇති බව  දිසානායක මහතා පැවසීය.මෙම පිරිස  දැනට    කල්පිටිය,  කළුතර සේරුපිට,  ගල්කිරියාගම  සහ   අම්පාර පහළලන්ද යන කඳවුරුවල නිරෝධායනය සදහා යොමු කර ඇති බවද හෙතෙම  කියා සිටියේය.

නිදහස් උත්සවය නිමිත්තෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ   600 ට පිරිසක්  මුලින්ම තෝරාගෙන  සිටි ඇති අතර ඔවුන් පී සී ආර් පරීක්ෂණයට ලක්කර  අනුරාධපුර  පුහුණු   මධ්‍යස්ථානයට  පුහුණු වීම් සිදුකළ බව  ඒ මහතා සඳහන් කළේය.

මොවුන් අතරින්  65 පමණක් වු  කාන්තාවන් පිරිස මිහින්තලේ මධ්‍යස්ථානයේ ද තවත්    භටයන් 180 ක්   අනුරාධපුර නීතියගම  කඳවුරේද, තවත් 53 දෙනෙකු  මිහින්තලේ ප්‍රදේශයේ  විහාරස්ථානයක්, තවත් 80 දෙනෙකු  රබෑව ප්‍රදේශයේ  විහාරස්ථානයක් නේවාසිකව සිටි බව  හෙතෙම අවධාරණය කළේය.

පෙර පුහුණුව  නිමා කිරීමෙන් පසු  තෝරාගත් පිරිසක් අහඹු පරීක්ෂණයට ලක් කිරීමේ දී කාන්තා භටවරියකට  හා   මිහින්තලේ  විහාරස්ථානයේ  නේවාසිකව සිටි පිරිස අතරින්  ඉන් භටයකු  කොවිඩ් ආසාදිතයන් වශයෙන් තහවුරු වීමෙන් පසු සිවිල්   ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර්  ජනරාල් නන්දන සේනාධීර මහතාගේ උපදෙස් මත හම මධ්‍යස්ථාන දෙකේ සිටි  සියලු දෙනා   ඉවත් කර  සෙසු  පිරිස පමණක්   නිදහස් උත්සවය සදහා යොමු කළ බවද හෙතෙම කීය.

නිදහස් උත්සවයට සහභාගි වු පිරිස නිවෙස්වලට නොයවා  නිරෝධායනයට යොමුකර  යළිත් පී. සී ආර් පරීක්ෂණයට ලක් කිරීමේ දී ඔවුන් අතරින් ද   ආසාදිතයන්  වාර්තා වී ඇති බවද ඒ මහතා කියා සිටියේය.

උත්සවයට සහභාගි වු එම   සියලු පිරිස   කල්පිටිය, සේරුපිටිය, ගල්කිරියාගම,  පහළ ලන්ද යන   මධ්‍යස්ථාන වල  නිරෝධායන සදහා යොමුකර ඇති බවත් කල්පිටයේ පිරිස ඊයේ දිනයේ පී සී ආර් පරීක්ෂණයට යොමු කළ බවද  හෙතෙම වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

නිදහස් උත්සවයට ගිය සිවිල් ආරක්ෂක බළකායේ 50කට කොවිඩ්

පිටිගල මිලානෝ Thursday, 11 February 2021 07:16 AM

ලබපු හරිහමන් නිදහසකුත් නැතිව ගිහිල්ලා අඩව් අල්ලනවා... දේශපාලකයන්ගේ කීමට. දේශපාලකයෝ විශේෂයෙන් මෙම අර්බුදකාරී වෙලාවකදීම මේවා සංවිධානය කරන්නේ රටට ආදරේට නොව ඔවුන්ගේ කුණු වහගන්නයි. නිදහස් අඩවිවෙන් ලැබුණු කොරෝනාවත් අරන් ගෙදර ගිහිල්ලා දුප්පත් දෙමාපියන්ට පූජා කරන්න.

:       0       12

සුසන්ත Thursday, 11 February 2021 08:13 AM

අපිට අලුත් අවුරුද්ද ගෙදර ඉඳන් කන්න කිව්වා, අති උතුම් වෙසක් තෙමගුල සැමරීම ගෙදරට සීමා කළා, පොසොන්, ඇසළ, නත්තල් ගෙදරට වෙලා සමරපියව් කියපු රජයට... මේ නිදහස් උත්සවය විතරක් ගෙදර සමරන්න බැරි වුණා.. මේක නිසා අපේ ආරක්ෂක නිලදරුවන් රාශියකට මේ වනවිට කොවිඩ් හැදිලා... කියන්නේ එකක්.., කරන්නෙ එකක්..

:       0       9

Lankawe Thursday, 11 February 2021 08:49 AM

කෝවිඩ් කියලා දෙයක් නැහැ පුතා. ඕක සෙලවෙන මනස... දැන් තියෙන්නේ ඉතුරු ටික මොකද කරන්නේ කියලා බලන්න.

:       0       2

Raveendra Thursday, 11 February 2021 10:16 AM

කොරෝනා පොකුරු බිහි කිරීමට මග පෙන්වූ පිරිසට අපේ උපහාරය.

:       0       3

දිමුත් Thursday, 11 February 2021 12:17 PM

කොරෝනා වගේද උත්සවේ?

:       0       1

Prasad Thursday, 11 February 2021 05:27 PM

පෙබරවාරි 04 වැනිදා කියන්නේ අපේ රට නීතියක් නැති කාලකණ්ණි ටිකකට බාරදුන්නු දවස... එදා ඉඳලා අවුරුදු 73ක් මොවුන් මේ රට විනාශ කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site