පොදු දේපොළ කොල්ලකෑ බොහෝ පිරිසක් නිදැල්ලේ සිටියදී වීදුරුවක් කැඩුණු සිද්ධියක් අල්ලාගෙන ආණ්ඩුව පොලිසිය හරහා තම පක්ෂය මර්දනය කිරීමට උත්සාහ දරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා කියයි.

පොදු දේපළ අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලත් පුද්ගලයන්ට අමාත්‍යංශ ලේකම් තනතුරු දෙන බවත්, සජින් වාස් වැන්නවුන්ට ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇති බවත් ජයගොඩ මහතා පවසයි.

එවැනි පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්ම කිරීම මන්ද ගාමීව සිදුවෙද්දී වීදුරුවක් කැඩීයැයි තම පක්ෂයට එරෙහිව වේගවත්ව නීතිය ක්‍රියාත්මක කරන්නට යන බව ද ඔහු සඳහන් කරයි.