(නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනයට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලැබ සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීම (තාවකාලික විධිවිධාන) පනතේ 7.(2) වගන්තිය ප්‍රකාරව මෙම අධිකරණයට ඇප ලබා දීමේ බලයක් නැතැයි තීරණය කළ අධිකරණය එලෙස නඩුව අවසන් වන තෙක් නාලක ද සිල්වා මහතා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළේය.
මෙම සිදුවීමට අදාළ අනෙක් සැකකරු වන ඉන්දීය ජාතික මර්සලීන් තෝමස් නැමැත්තා ද අද(19) අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ලබන මස 2 වැනිදා මොවුන් දෙදෙනාම නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.