
(අංජුල මහික වීරරත්න)
ගුරු පත්වීම් සම්බන්ධයෙන් පැවැරුණු නඩු කටයුතු අවසන් වී සති දෙකක් ඇතුලත ගුරු විභාගය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය අතර පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව පිළිබඳ මෙම සාකච්ඡාව අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මේ වන විටත් පළාත් මට්ටමේ ගුරු පුරප්පාඩු පිළිබඳව දත්ත ලබාගෙන ඇති බව මෙම සාකච්ඡාවේදී හෙළිදරව් විය.
මෙම සාකච්ඡාවට රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහත්වරු සහ උපාධිධාරීහු එක්ව සිටියහ.
ගුරු පත්වීම් ලබාදීමට අදාලව නඩු කටයුතු 4ක් පැවති අතර මේ වන විට ඒ සියල්ල නිෂ්ප්‍රභා කර තිබෙන නමුත් එහි නඩු වාර්තාව තවමත් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර නොමැති බව මෙහිදී අනාවරණය විය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2034
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නඩු වැඩ ඉවර වී සති දෙකක් ඇතුළත ගුරු විභාගය ගැසට් කරන්න යයි