(නිමන්ති රණසිංහ)
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් ලක්ෂ හැට අටකට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ අස්ථානගත වීමේ සිද්ධියට අදාළව එහි නඩු භාණ්ඩ කාමරයේ භාරකරු ලෙස කටයුතු කළ අධිකරණ ලිපිකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අදාළ නඩු භාණ්ඩ අස්ථානගත වන අවස්ථාවේදී මෙම සැකකාර ලිපිකරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු ලෙස රාජකාරි කටයුතු කරමින් සිට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරු අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
නඩු බඩු නැති වුණාට ලිපිකරු අල්ලයි
SL Wednesday, 08 February 2023 10:15 AM
මෙන්න මෙහෙම රාජ්‍ය සේවයක් තමා රටට තියෙන්නේ. අති බහුතරය හොරකම් කරන්න කප්පිත්තෝ. පොදු ජනතාවට බදු බර වැඩි වෙන්න මේ ආයතන වල ඉන්න කොමිස්කාරයෝ, A4 ශීට් එකේ ඉඳල හොරකම් කරන කම්බ හොරු ත් ලොකු හේතුවක්. දැන් පෙළපාලි යනවා බදු වැඩි කියලා