IMG-LOGO

නඩුවට නවතා ගත් ලොරියෙන් ගංජා මතු වේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ රොමේෂ් මධුෂංක)

නඩු භාණ්ඩයක් වශයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ ගාල් කර තිබූ ටිපර් රථයක බඳ කොටසේ ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 116  සොයා ගත් බව මන්නාරම මූලස්ථාන පොලිසිය පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තලෙයිමන්නාරම ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකින් පසු අධිකරණයෙන් ලබාගත් අවසරයක් මත මෙම ටිපර් රථය පරීක්ෂාකර බලා මෙම කේරල ගංජා තොගය සොයා ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම ටිපර් රථය පසුගිය වසරේ නොවැම්බර් මස 11 වැනි දා වැනිදා 1 ගංජා 1 කිලෝ  24 ප්‍රවාහනය කරමින් තිබියදී පුද්ගලයන් දෙදෙනකු සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ ඉලුප්පුකඩවායි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. ජේ. පී. ඒකනායක මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

මන්නාරම මූලස්ථාන පොලීසියේ නිලධාරීන් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තලෙයිමන්නාරම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.



අදහස් (1)

නඩුවට නවතා ගත් ලොරියෙන් ගංජා මතු වේ

ganegoda Thursday, 05 January 2023 04:55 PM

නීතිවිරෝධී බඩුබාහිර මත්පැන්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පාලනය කරන්න නම් මෙවැනි වාහන රාජසන්තක කළ යුතුයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site