IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


නඩුදාට කලින් බෙහෙත් ගබඩාව ගිනි අරන්

රත්මලාන පෞද්ගලික බෙහෙත් ගබඩාවේ කල් ඉකුත් වූ බෙහෙත් අලුත් ලේබල යටතේ ඇසුරුම් කර තිබුණැයි කියන සිද්ධියේ නඩුව ගල්කිස්ස උසාවියේ අද (7) විභාගයට ගැනීමට නියමිතව තිබියදී ගබඩාව ගිනිගෙන ඇතැයි පොලිසිය අද අධිකරණයට වාර්තා කළේය.

නඩුව ලබන 25 වැනිදාට කල් තැබිණි.

කල් ඉකුත් වූ ඖෂධවලට අලුත් ලේබල ගසා විකිණීම සඳහා ගබඩා කර තිබිණැයි 2014 දී පාරිභෝගික අධිකාරිය විසින් සීල් තැබුණු ගබඩාවක් ගින්නට අසුවී ඇති බවත් එහි රියදුරකු හා සේවකයන් දෙදෙනකු නතරවී සිටි බවට තොරතුරු ඇති බවත් ඒ බව අධිකරණයට වාර්තා කරන බවත් පොලිසිය පවසයි.

රත්මලාන පෞද්ගලික බෙහෙත් ගබඩාවේ ගින්න පැය විසිතුන හමාරක් පැවැති බවත්  ජල ලීටර් දෙලක්ෂ පනස් දහසක් පමණ ගිනි නිවන රථ 11කින් පාවිච්චි වී ඇති බවත් ගබඩාවේ දුම අද(7) අලුයම වනවිට නතර වූ බවත් මුලසිටම එම ගින්න මැඩ පැවැත්වීමට ක්‍රියා කළ මොරටුව හා දෙහිවල නගර සභා නියෝජිතයෝ කියති.

මෙය ඉතා අස්වාභාවික ගින්නක් බවත් ඔවුහු පවසති. අවට කම්හල් හි ජල කපාට වලින් එම ජලය ලබාගත් බවද ඔවුහු කියති.

 



අදහස් (0)

නඩුදාට කලින් බෙහෙත් ගබඩාව ගිනි අරන්

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Friday, 07 October 2016 10:16 PM

ඕක ගිනිගත්තද, ගිනි තිබ්බද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. එහි ගබඩාකර, කල්ඉකුත් වූවායැයි කියන බෙහෙත් පාවිච්චි කරලා අකාලයේ මැරෙන්න ගිය ලෙඩුන්ට තව ටික කාලයක් හෝ ජීවත්වීමට අවස්ථාව ලබාදුන් එම ගින්නේ නිර්මාතෘවරුන්ට ලෙඩ්ඩු දැන් ඇතිවෙන්න පින් දෙනවා ඇති (නි)

:       0       0

බෙනට් Friday, 07 October 2016 09:55 AM

දැන් නේ හරියටම සිද්දිය එළිවෙන්නේ . එහෙම තැනක් නම් දැන් කරන්න තියෙන්නේ ජලබවුසර් වලට ගිය වියදමේ ඉඳල ඔය සමාගමෙන් අයකරගන්නා එකයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 218 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site