IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


නගර සභා 3 කින් - ප්‍රාදේශීය සභා 3 කින් පොහොට්ටුව කැපෙයි

(අමල් වික්‍රමරත්න සහ නයනදුල සෙන්දනායක)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව, වැලිගම නගර සභාව සහ පානදුර නගර සභාවටත්  බදුල්ල, මහියංගනය  සහ අගලවත්ත ප්‍රාදේශීය සභා සඳහාත් ඉදිරිපත් කරන ලද නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රද විවිධ කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු  බව ඒ ඒ  දිස්ත්‍රික්ක භාර තේරීම් භාර නිලධාරීහු පැවසූහ. 

නියමිත පරිදි කාන්තා අපේක්ෂක සංඛ්‍යාව ඇතුළත් නොකිරීම අපේක්ෂකයන්ගේ අත්සන් නිසි පරිදි නොතිබිම, ස්ත්‍රී පුරුෂ භාවය නිසි පරිදි සඳහන් නොකිරීම  සහ පක්ෂ විසින් නම් කරන ලද පුද්ගලයා නාමයෝජනා භාර නොදීම වැනි කරුණු කිහිපයක් මත නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කරන බව නිලධාරීහු පැවසූහ. 

පළාත් පාලන ආයතන 93 කට අදාළ නාමයෝජනා බාරගැනීම (14) අද දහවල් 12.00 අවසන් වීමත් සමඟ දහවල් 12.00 සිට පස්වරු 01.30 දක්වා විරෝධතා ගොනුකිරිම සඳහා කාලය දී තිබිණ. අනතුරුව නාම යෝජනා පත්‍රවල නිරවද්‍යතාවය සොයාබැලීම  තේරීම් භාර නිලධාරීන් විසින් කරන ලද බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසීය.

නීතිමය ගැටලු නොමැති පළාත් පාලන ආයතන 93 පළමු අදියර යටතේ නාම යෝජනා පත්‍ර භාර ගැණින. අනෙකුත් පළාත් පාලන ආයතන 248 නාමයෝජනා බාරගැනීම ලබන 18 වනදා සිට 21 වනදා දහවල් 12.00 දක්වා කෙරෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් වරයා පැවසීය.

මෙවැනි පක්ෂයකට නගර සභාවක් ප්‍රාදේශිය සභාවක් රටක් භාර දීය නොහැකි බව අද(14) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාමයෝජනා ලබාදිමේ අවස්ථාවට සහභාගි වෙමින්  විදුලි බල හා පුනර්ජනණිය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහාතා ප්‍රකාශ කළේය.

“කළුතර සභා පහකට අද  දින නාමයෝජනා බාරගත්තා. පොහොට්ටුව කයිවාරු ගැහුවේ කළුතර ප්‍රාදේශිය  සභා 17 ම  උඩින් දිනනවා කියලා නමුත් අද පෙන්නුම් කළා ඔවුන්ගේ බැරිකම“
“පොහොට්ටුව නාමයෝජනා බාරදීපු ලයිස්තු පහෙන් දෙකක් (අගලවත්ත ප්‍රාදේශිය සභාව සහ පානදුර නගර සභාව) දෙකම මුලිකව ප්‍රතික්ශේප කරලා තියෙනවා . අයදුම්පතක් වත් නිසිලෙස පුරවගන්න බැරි පක්ෂයක්. එහෙම පක්ෂයකට නගර සභාවක් ප්‍රාදේශිය සභාවක් රටක් භාරදෙන්න පුළුවන්ද“ යැයි විදුලි බල හා පුනර්ජනනිය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය. 

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාමයෝජනා බාරදිමේ අවස්ථාවට සහභාගි වෙමින්  පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය. 



අදහස් (16)

නගර සභා 3 කින් - ප්‍රාදේශීය සභා 3 කින් පොහොට්ටුව කැපෙයි

anura Thursday, 14 December 2017 12:36 PM

කයිවාරු ගැහුවට වැඩ නම් පොදුයි වගේ...

:       1       14

අප්පුහාමි Thursday, 14 December 2017 12:53 PM

නාම යෝජනා හරියට ඉදිරිපත් කරන්න බැරි අය කොහොමද පරිපාලනය කරන්නේ?

:       0       11

gaamini Thursday, 14 December 2017 01:12 PM

ඔන්න රජයේ පටන් ගැම්ම... දැම්මම අකුලා ගන්න. බොරු සෝබන.

:       0       14

saman Thursday, 14 December 2017 01:36 PM

නිකන් කයිවාරු ගහන්න එපා මහත්තයෝ. අපිට මතකයි එක වරක් කොළඹට දුන්නු එජාප නාමයෝජනා රිජෙක්ට් වුණා.

:       0       3

sam Thursday, 14 December 2017 02:03 PM

හොඳ පෙරනිමිත්තක්... මෙන්න ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය

:       0       17

Ranjith Silva Thursday, 14 December 2017 02:17 PM

කොහොමත් මහරගමින් ඔය අයව කැපෙන්නයි හිටියේ. දැන් වැඩේ ලේසියෙන්ම වෙලා.

:       0       14

දාවිත් Thursday, 14 December 2017 02:46 PM

එක්සත් ජාතික පක්ෂයෙන් ඔක්කොම ඇවිල්ලානේ.. ඒවා ප්‍රතික්ෂේප වෙයිද... නෑනේ !!

:       0       0

wije Thursday, 14 December 2017 04:25 PM

එක අතකින් මේවා තමයි දිට්ඨධම්ම වේදනීය කර්ම කියන්නේ... මොකද කවුරු කවුරුත් කරපු දේවල් අපිට මතකයි.

:       2       14

අනුර Thursday, 14 December 2017 04:25 PM

මට සහතිකයි. ඔබතුමා බණ්ඩාරගම පරදිනවා.

:       0       0

ukku banda Thursday, 14 December 2017 04:36 PM

මේ අගමැතිගේ කුමන්ත්‍රණයක් වෙන්නැති ... නේ..

:       0       3

Mahesh Thursday, 14 December 2017 04:40 PM

ඇත්තටම හරියට නාම යෝජනා පත්‍රයවත් සකස් කර ගන්න බැරි අය කොහොමද ගමක් පාලනය කරන්නේ?

:       0       17

සෙනෙවි Thursday, 14 December 2017 11:50 PM

සේරගෙන්ම කැපෙනවා, නාමල්ට සහ ජීඑල් ට පුළුවන් නඩු කියන්න. කුහකකමට කල්ලියක් අල්ලාගෙන රටම වහලුන් කරන්න. අායෙමත් ඒක පුද්ගල සංදර්ශන බලන්න අපි නම් කැමති නැහැ. පුද්ගලයින් රටට ඔබින කාලයට ගැලපෙන කලයුතු දේ කලා කියලා අප ඔවුන් දේවත්වයට පත්කල යුතුවත්, ඔවුන්ගේ හෝ පවුලේ වහලුන් විය යුතුවත් නොවිය යුතුය. සැවොම නිවහල්ව සිතන්න පුද්ගලයෙකුගේ හෝ පවුලක වහළුන් නොවන්න.

:       0       26

Muhan Friday, 15 December 2017 01:09 AM

ශ්‍රී ලංකා එකට වාසිසහගත ප්‍රධාන නගරසභා කිහිපයක පොහොට්ටුව විසිවුණා . නැගෙනහිර පළාතේ කිහිපයක ශ්‍රී ලංකා එක විසිවුණා . බදුල්ලේ තැනක දෙගොල්ලෝ එකතු වෙලා ඉල්ලනවා . මහරගම නාමයෝජනා විසිවුණාට ඒ කට්ටිය එතරම් කලබල වුණු බවක් පෙන්න තිබුනේ නැහැ . නැගෙනහිර කට්ටිය බොහොම දුකෙන් පක්ෂයට චෝදනා කළා තමන්ට තිබු අවස්ථාව නැති කළා කියලා. බදුල්ලේ දිලාන් ස්වාධීන නාම යෝජනාත් දුන්නා. මේවා අහබු සිදුවීම් ද? නැතිනම් ඊලග නමයෝජනා වලට කලින් සිදුවන පෙරළියක පෙරනිමිතිද ?

:       0       0

appuhami Friday, 15 December 2017 02:25 AM

මෙයාලට හරියට නාම යෝජනාවක් වත් හදාගන්න තේරෙන්නේ නැද්ද?

:       0       0

රවින් Friday, 15 December 2017 02:49 AM

හරිම දුකයි. පිපෙන්නත් ඉස්සරවෙලා පරලොව ගිහිල්ලා.

:       0       22

Lapaya Friday, 15 December 2017 05:35 AM

අපි දන්නවා ඕකට ෆෘට් නෝට් 1ක්...........

:       6       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31480 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13793 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11058 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 150 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1064 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site