IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නු’එළිය ප්‍රා සභාව බුලත් කොලෙන් හැලේ

කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරන් සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශ නායක වී.රාධක්‍රිෂ්ණන් යන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වීමත් සමග සන්ධාන රජයට බලය හිමිව තිබූ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂයට හිමිව ඇත.

මීට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් මන්ත්‍රීවරු 16 ක් සහ විපක්ෂය නියෝජනය කරමින් එජාප මන්ත්‍රීවරු 3 දෙනෙක් සිටි අතර පක්ෂ මාරුවත් සමග විපක්ෂයේ මන්ත්‍රීන් සංඛ්‍යාව 18 ක් බවට පත්ව ඇත.

මන්ත්‍රීවරු 16 දෙනකු සිටි සංධානයට දැන් සිටිනුයේ තිදෙනෙකි. මන්ත්‍රීන් පස් දෙනකු සිටි විපක්ෂයට දැන් මන්ත්‍රීහු 18 දෙනෙක් සිටිති. සන්ධානයට මන්ත්‍රීවරු තිදෙනෙකි. ඔවුහු ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොන්ග්‍රසයෙනි.

මේ අනුව කඳුරට ජනතා පෙරමුණේ 7 , කම්කරු ජාතික පෙරමුණ  4  , එක්සත් ජාතික පක්ෂය 5 කි. මුළු මන්ත්‍රී සංඛ්‍යාව 21 කි.

ප්‍රාදේශීය සභාවේ සභාපති කඳුරට ජනතා පෙරමුණේ එස්.සදාසිවම් මහතා දැරූ අතර ඔහු කියා සිටියේ පක්ෂ මාරුවත් සමග විපක්ෂයට මන්ත්‍රීවරු 18 දෙනෙක් සහ සන්ධානයට මන්ත්‍රීවරු 3 ක් ලෙස ඊයේ (11) සිට නුවරඑළිය ප්‍රාදේශිය සභාව ක්‍රියාත්මක වන බව යි.

 



අදහස් (0)

නු’එළිය ප්‍රා සභාව බුලත් කොලෙන් හැලේ

විමුක්ති Friday, 12 December 2014 12:46 AM

නියමයිනේ ! (නි)

:       0       0

අරවින්ද Thursday, 11 December 2014 03:03 PM

ඔබ දෙපළට ස්තුතියි! (නි)

:       0       0

රංජිත් සිල්වා Thursday, 11 December 2014 10:02 AM

මේ අයට සීතල නැත්ද? (බ)

:       0       0

නිරූප Thursday, 11 December 2014 10:09 AM

මේ අයගේ ඡන්දේ විතරයි අඩු... ජනතාව අරගෙන යන්න බැහැ.(හේ)

:       0       0

කුමාරි Thursday, 11 December 2014 10:20 AM

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියලා අපි 8 වෙනිදා වෙනකන් ඉවසමු.(හේ)

:       0       0

නිශාන්ත Thursday, 11 December 2014 03:50 PM

ඒකට නම් කමක් නැහැ, ඉල්ලන ඉල්ලන දේවල් දෙන්නෙ නැතුව. (නි)

:       0       0

බුද්ධි Thursday, 11 December 2014 11:09 AM

බල සුබ නිමිති පෙර මඟ නැකතටත් වැඩි (දිල්)

:       0       0

විමල් Thursday, 11 December 2014 05:22 PM

තව පැති වල ඔය ටික වෙනවා. බලාගෙන ඉන්නකෝ වෙන දේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site