
(රෝෂන් තුෂාර)
ලංකා ධීවර සංස්ථාවට අවශ්‍ය නොවන මොහොතක නියමිතය ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මාළු වැකුම් කිරීමේ යන්ත්‍රයක් මිලදීගෙන රජයට රුපියල් ලක්ෂ 58 ක පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු සැකකරුවන් සිව් දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (04) නියෝග කළේය.
ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති කළුවඩන වලව්වේ ලලිත් දවුලගල,හිටපු කළමණාකාර අධ්යක්ෂ රත්නවීර පටබැඳිගේ වන්දන ක්‍රිෂාන්ත,සැපයුම් කළමණාකරු කුරුන්දුව හේවගේ විජිත් පුෂ්පකුමාර හා මෙහෙයුම් කළමණාකරුවෙකු (වැඩබලන මුදල් කළමණාකරු) වූ ජයසුන්දර මුදියන්සේලාගේ අනුර චන්ද්‍රසේන බංඩාර සැකකරුවන්ට රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප අටක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළේය.
2020 වර්ෂයේ දී ලංකා ධීවර සංස්ථාවට , පැයකට මාළු කිලෝ 2000 ක් වැකුම් කර ඇසුරුම් කළ හැකි තරම් ඉහළ ධාරිතාවයකින් යුතු මාළු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව වැකුම් යන්ත්‍රයක් මිළදී ගැනීමෙන් රජයට රු. 5,856,116.00 පාඩුවක් සිදු කර දුෂණයක් සිදුකිරීමේ චෝදනාව මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මෙම මිලදී ගැනීම් ක්‍රියාවලියේදී සැපයුම් කළමණාකරු වශයෙන් කටයුතු කර රුපියල් ලක්ෂයක මුදලක් සැපයුම්කාර ආයතනයෙන් අල්ලස් වශයෙන් ලබා ගත්තේ යැයි කියන තෙවැනි සැකකරුවන කුරුන්දුව හේවගේ විජිත් පුෂ්පකුමාර යන අයට එරෙහිව තවත් අල්ලස් පැමිණිල්ලක් අල්ලස් කොමිසම ඉදිරිපත් කළේය.
වැකුම් යන්ත්‍රයේ මිලදී ගත් සැපයුම්කාර සමාගම වන යුරෝ මෙට් ෆුඩ්ටෙක් පුද්ගලික ආයතනය වෙත ගෙවිය යුතුව තිබූ රු. 928,058.20 ක මුදලින් කොටසක් එම ආයතනයට මුදා හැරීම සිදුකර දීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් තම පුද්ගලික ගිණුම් වෙත බැරකරවා ගැනීම තුළින් තුටු පඬුරක් ඉල්ලීම හා තුටු පඬුර භාර ගැනීම යන චෝදනාවට අදාළව ද එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු 4 දෙනාට ඇප