
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ධීවර කර්මාන්තය සඳහා දැනට භාවිතා කරන සියලුම ධීවර බෝට්ටු සඳහා ඉන්ධනවලට විකල්පයක් ලෙස විදුලි කෝෂයක් හඳුනාවා දීමට කටයුතු කර ඇත.
ඉන්ධනවලට ධීවරයන්ට විශාල මුදලක් ඉන්ධන සඳහා වැය කිරීමට සිදුවී ඇති නිසා මෙම විකල්පය හඳුන්වා දීමට කටයුතු කළ බව ධිවරය අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා කීය.
විදුලි කෝෂ මඟින් ( බැටරියෙන් ) ක්‍රියා කරන බෝට්ටු එන්ජිමක් අමාත්‍යවරයාගේ උපදෙස් මත කහතුඩුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක මේ දිනවල නිෂ්පාදනය කරමින් පවතී
ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය
ප්‍රති රෝපණය කළ හැකි එම බැටරියෙන් කිලෝ මීටර් සීයක් ධාවනය කළ හැකිය .ඒ සඳහා වැය වන මුදල රුපියල් 65 කිය
එම එන්ජිම බෝට්ටු එන්ජිම භූමිතෙල් ඉන්ධන යොදා ද ධාවනය කළ හැකි පරිදි සකස් කර තිබීම විශේෂයකි
සෝලා පැනල් බහුදින යාත්‍රාවලට සවි කිරීමෙන් අනතුරුව එයින් ලැබෙන විදුලියෙන් ද මෙම නව බෝට්ටු එන්ජිම එම බහු දින යාත්‍රාවලට යොදා ගැනීමට හැකියාව ඇත
ඒ සම්බන්ධයෙන් අත්හදා බැලීමක් ලඟදීම සිදු කිරීමට ද නියමිතය
මෙමගින් ධීවරයන්ට ආර්ථික ලාභයක් ලබා ගැනීමට හැකියාව ඇත
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ධීවර බෝට්ටුවලට විදුලි කෝෂයක්
ජයේ Wednesday, 30 November 2022 09:52 AM
ප්‍රායෝගිකව කරන්න හැකි දෙයක් බව පෙනෙනවා. ඉදිරියටම යමු!