IMG-LOGO

ධාතු වඳින්න කිලෝ මීටර් තුනක පෝලිමක්

සබරගමුවේ පැවැති අයහපත් කාලගුණය නිසා පැය හතර හමාරක ප්‍රමාදයකින් පසුව කපිලවස්තුපුර සර්වඥ ධාතු වහන්සේ අද පස්වරු 2.30ට අනුරාධපුර මහජන ක්‍රීඩංගනයට ගුවනින් වැඩම කරවනු ලැබූහ. ඒ වනවිටත් ධාතු වන්දනාව සඳහා පෙළ ගැසී සිටි පෝලිමේ දිග කිලෝ මීටර් තුනක් පමණ දික්විය. රුවන්වැලි චෛත්‍යාරාමධිපති පල්ලේගම හේමරත්න නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නය ද මැතිඇමැතිවරුන් ද මහජන ක්‍රිඩාංගනයේ සිට සම්බුද්ධ ජයන්ති විහාරය දක්වා ගමන් ගනිද්දී  ධාතූන් වහන්සේ රැගත් පෙරහැරේ ගමන් ගනිද්දී ගුවනින් මල් ඉසිණි.



අදහස් (0)

ධාතු වඳින්න කිලෝ මීටර් තුනක පෝලිමක්

රැවික් Friday, 24 August 2012 03:52 PM

සර්වඥ ධාතූන්වහන්සේලාගේ අනුහසින් රජරටට වැසි ලැබේවා (අ)

:       0       0

අජිත් Saturday, 25 August 2012 04:44 PM

මගේ රටට දළදා හිමි පිහිටයි

:       0       0

කුමාරි Sunday, 26 August 2012 11:11 AM

ධාතු වන්දනාව යන අතරේ අැතැමුන් බුද්ධ, ඉස්ලාම්, හින්දු, ආගම වලට බනිනවා, කිතු දහමට විතරයි බනින්නේ නැත්තේ (වි)

:       0       0

සේනානි Friday, 24 August 2012 04:41 PM

දේශපාලකයෝ වනාන්තර ගස් වැල්විනාස කරපු නිසා වර්ෂාව නැහැ. දාතු ප්‍රදර්හනයෙන් වත් වර්ෂාව ලැබේවි දැයි බලමු. (ස)

:       0       0

ලසන්ත Friday, 24 August 2012 04:47 PM

සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ්‍යක් පෙරුම් පුරලා බුදු වන ආත්මයේ සියලු සැප අත් හැරලා අවුරුදු හයක් දුෂ්කරක් ක්‍රියා කරලා බුදු වුන බෝසතානන් වහන්සේගේ දාතූන් වහන්සේලා බලන්න ඕන වෙලාවක් බලා සිටින්න අපේ රටේ සැදැහැවත් බෞද්ධයන්ට පුලුවන්. (ස)

:       0       0

සංඛ Sunday, 26 August 2012 10:30 PM

මේවා සර්වඥ ධාතු (නි)

:       0       0

ධනංජය ජයකොඩි Friday, 24 August 2012 04:49 PM

සාදු ! සාදු !සාදු..... (අ)

:       0       0

අජිත් ප්‍රංශයේ සිට Friday, 24 August 2012 04:45 PM

මිනිමරුවෝ ස්ත්‍රී දූෂකයන් බාල අපරාධ කරුවන් පගා කරුවන් කුඞු මුදලාලිලා මේ සියලුම දෙනා ධාතු වදිනවා සාදු සාදු සාදු (ස)

:       0       0

චන්දවිමල හිමි Friday, 24 August 2012 05:05 PM

මේ ධාතූන් වහන්සේලා නිදන් කරතිබූ කපිලවස්තුපුර චෛත්‍යෙයෙන් සොයා ගත්තු කුඩා කරඬුවේ බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියා තිබුනේ බුදුරජුන්ගේ නෑයන් විසින් උන්වහන්සේගේ ධාතු මෙහි තැන්පත් කළ බවයි. ඒ නිසා විවිධ තැන්වල ධාතූන් කොතෙකුත් තිබුණද කපිලවස්තු ධාතූන් වහන්සේලා සැබෑම සර්වඥ ධාතූන් බව පැහැදිලියි. ඒ අසිරිමත් ධාතු කෙරෙහි සැදැහැ සිත් උපදවාගෙන ජීවමාන බුදුන්ට වදින අයුරින් අපේ බෞද්ධයන්ට සැක හැර වන්දනා කරගත හැකියි. (ස)

:       0       0

කොබේවත්ත Saturday, 25 August 2012 10:00 AM

ජාතික හා ආගමික කටයුතු වලදී සියලුම දෙනා දායකත්වය ලබාදිය යුතුයි.අනෙකුත් ආගම්වල පූජකතුමන්ලාට ආරාධනා කොට ආගමික කටයුතු සමගියෙන් කළ යුතුයි.එවිට ජාතික සමගිය ඇතිවෙනවා සේම රටේ දියුණුවටද බලපානු ඇත. සාදු ! සාදු !සාදු..... (ස)

:       0       0

නිමල් Friday, 24 August 2012 06:23 PM

ආගමික වැඩවලටත් කෙනෙහිලි කමි ලියන විදෙස්ගත ලාංකිකයක්ටත් ඉර පායනවනෙ (අ)

:       0       0

දසනායක Saturday, 25 August 2012 05:47 PM

බුදු සරණයි (දී)

:       0       0

රුපිකා Saturday, 25 August 2012 06:01 PM

සාධු.......... සාධු.........(දී)

:       0       0

පද්මි ප්‍රංශය Saturday, 25 August 2012 10:33 AM

මේ වැඩේ කරල තියෙන්නේත් ඡන්දය ඉලක්ක කරගනද කියලා හිතෙනවා මේක ප්‍රදර්ශණය කරන පළාත් දිහා බලපුවාම..!!(නු)

:       0       0

හර්ෂන Friday, 24 August 2012 07:34 PM

මේ පූජකයන්ව ගාව ගත්තේ මොනවටද ? (ස)

:       0       0

හේමන්ත Friday, 24 August 2012 08:22 PM

අජිත් අනුන් කරන පිනක්වත් අනුමෝදන් වෙන්න වාසනාවක් ඔයාට නැහැනේ. කොසොල් රජුගේ දානය ගැන අපහැදුණු අය අපාගත වුනු හැටි අහල නැද්ද. ඒක අමතක කරන්න එපා. අපරාධකාරයෝ ලොව කොහෙත් සිටිති. එයාලා එක්කොම ඔයා වගේ හිතන අයයි. පහුවෙලා හරි කෙනෙක් හොඳ වෙනවනම් එය කාගේත් යහපතට බව සිතන්න. (ස)

:       0       0

ගුනේෂි Friday, 24 August 2012 09:01 PM

මෙහෙම යනකොට තව තව දේවල් ඉදිරියට අපිට දැකගන්න පුළුවන් (නි)

:       0       0

මහේල Friday, 24 August 2012 09:28 PM

නිමල්, මේවා මෝඩ වැඩ. (නි)

:       0       0

කීර්ති Friday, 24 August 2012 10:12 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

කීර්ති Friday, 24 August 2012 10:14 PM

සමහර පළාත්වල විතරක් ධාතු ප්‍රදර්ශනය කරන්නේ ඇයි....(ස)

:       0       0

ගාමිණී-කුවෙයිට් Friday, 24 August 2012 11:00 PM

හර්ෂන සහෝදරයා, අපි කාලයක් ඇන කොටා ගත්තේ භාෂාමය ප්‍රශ්නයක් මුල් කර ගෙනනේ. අපි එයින් සියළු දෙනා අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තා කීවොත් නිවැරදියි. දැන්වත් මෙවැනි දේ අගය කළ යුතුයි. ජාතික හා ආගමික කටයුතු වලදී අනෙකුත් ආගම්වල පූජකතුමන්ලාට ආරාධනා කොට ආගමික කටයුතු සමගියෙන් කළ යුතුයි. ඒ වගේම අපිද ඔවුන්ගේ මෙවැනි කටයුතු වලදී අපේ දායකත්වය ලබාදිය යුතුයි. එවිට ජාතික සමගිය ඇතිවෙනවා සේම රටේ දියුණුවටද බලපානු ඇත. (නි)

:       0       0

කීර්ති Friday, 24 August 2012 11:07 PM

ධාතු ප්‍රදර්ශනය කිරීම තුලින් වෙන වෙන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ නොකරන්න..මේ අපේ නිර්මල බුදුදහමයි...(ස)

:       0       0

ගාමිණී-කුවෙයිට් Friday, 24 August 2012 11:12 PM

මිනිමරුවන්, ස්ත්‍රී දූෂකයන්, බාල අපරාධකරුවන්, පගා කරුවන්, කුඞු මුදලාලිලා ප්‍රංශයේ නැති නිසා සම-හරක් අදහස් ලියා එවා ඇත. (නි)

:       0       0

අජිත් Sunday, 26 August 2012 02:05 AM

පුදුමත් හිතෙනවා

:       0       0

සේනානායක Friday, 24 August 2012 11:35 PM

ජීවමාන බුදුන්ගේ අනුහසින් රටට සෞභාග්‍යය උදාවේවා! (නි)

:       0       0

ජනක Saturday, 25 August 2012 02:21 PM

අති නිර්මල බුදු දහමට මේ කරන ගෞරවයට හැමෝටම පින්....තවමත් අපේ රටේ ගුණ යහපත් මිනිස්සු ඉන්නවා...සතුටුයි...(ස)

:       0       0

ආනන්ද Sunday, 26 August 2012 08:02 AM

සාධු...සාධු...සාධු...සාධු...

:       0       0

නිල්කමල් Saturday, 25 August 2012 03:41 AM

ඇත්ත කතා කළොත් එයා ද්‍රෝහියෙක් වෙනවා (නි)

:       0       0

අනුර Friday, 24 August 2012 03:40 PM

මොනවා නැතත් අපි දැන් දාතු වඳිනවා..සාදු ! සාදු !සාදු..........(ස)

:       0       0

පුවීන් Saturday, 25 August 2012 03:38 PM

පද්මී එතකොට වැස්ස වළාහක දෙවියෝ මේ පැත්තට ආවේ නැත්තේ ඡන්දය ඉලක්ක කරගෙනද ??(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 401 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site