IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දොඩංගොඩ ප්‍රා.ස.ක්ෂේත්‍ර වැඩ පාලකවරිය අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රජයේ රැකියා ලබාදෙන බව පවසා  විශාල පිරිසකගෙන් රුපියල් කෝටියකට  අධික මුදල් වංචා කළ  බව කියන දොඩංගොඩ  ප්‍රාදේශීය සභාවේ ක්ෂේත්‍ර වැඩ පරිපාලකවරිය බත්තරමුල්ල  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ   අපරාධ කොට්ඨාසය කියයි .

ජනාධිපති ආරක්ෂක සේනාංකයන් ලද ලිපියකට අනුව රජයේ විවිධ ආයතන වල රැකියා ලබාදෙන බව පවසා සැකකාරිය පුද්ගලයන්  පනහකට ආසන්න පිරිසකගෙන් රුපියල්  30,000 සිට 50,000 දක්වා මුදල් ලබාගෙන  වංචා කර  ඇතැයි පොලිසිය කියයි 

2020 වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා  සැකකාරිය මේ අයුරින්ම වංචා සහගත ලෙස මුදල් ලබාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරන්න 

 සැකකාරියට විරුද්ධව  කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පොලිසි රැසක පැමිණිලි පනහකට ආසන්න සංඛ්‍යාවක් තිබෙන  බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ  නිලධාරියෙක් පැවැසීය 

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

දොඩංගොඩ ප්‍රා.ස.ක්ෂේත්‍ර වැඩ පාලකවරිය අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site