
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ගයාන් සූරිය ආරච්චි)
අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි බව අප වාර්තතාකරුවෝ පවසති.
අධිකරණය මඟහැර සැඟව සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබිණි.
2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයාම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර තිබිණි.
අධිකරණය මඟහරිමින් සැඟව සිට අදට දින 19 කට පසු ඔහු මෙලෙස අද අධිකරණයට පැමිණ ඇත.
COMMENTS
රටේ නීතිය ඉදිරියේ අව නීතිව හැසිරැනඅ ඔහු තච දුරටති පොලිස්පතා ලෙස හැදින්වීම සදාචාරත්මක නෑ අපිට මතකයි සැකකරැවන් ගරැ අධිකරණයට ඉදිරිපත් කිර්‍රමට අපොහසත් වූ අවස්ථාලදී ඔය පොලීසිය තම ඥාකීන් අල්‍ලා ඉදිරිපත් කරීම්වලදී ගරැ අධිකරණය ඔවුන්ට යුන්‍ති ය ඉටුකල අවස්ථා෴
පැනලා හිටියා නේ දවස් 18 ක් .ඇප නම් දෙන්න එපා . නීතිය කාටත් පොදු විය යුතුයි කියලා අපි හිතනවා
එක්කෝ ඇප ලැබෙන එකක් නැහැ නැත්නම් ඉතා අධික මුදල් සහ ශරීර ඇප මත මුදා හරීවි
බාර වෙනකම් හොයාගන්න බැරිඋන හිටපු පොලිස්පති, ලැජ්ජයි NPP
පොඩි ට්‍රිප් එකක් යමුද? හොයන්න දෙයක් තියෙනවා.
ආණ්ඩුවේ ආරක්ෂාව භාර ඇමතිල තාමත් රෙදි ඇඳගෙනද ඉන්නේ? අර නාකි ටිල්වින් සීයා මේ ගොබ්බයො සෙට් එක කොහෙන් අහුලගත්තද මන්දා.
වැදගත්ම කාරණය තමා ගරු අභියාචනාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම
පුනරුදය හෙවත් කයිවාරු සහ බොරු මිස වැඩ බැරි මාලිමාන්ඩුව යටතේ තමන්ගේ ලොක්කා වත් සොයා ගැනීමට බැරි වූ අපේ පොලිසියට අනුකම්පා කර, අනේ සෙව්වන්දි, ඉන්න තැනකින් එළියට විත් අධිකරණයට බාර වෙන්න!
මේ පාර ඔලිම්පික් වලට හැංගිමුත්තං ඉවෙන්ට් එක තියෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්.
මෙච්චර කලක් බොරැල්ල අරයගෙ ගෙදර හිටිය එක්කෙනාට යන්න කියල වෙන්න අති. නෙ?
කොමෙන්ට් එකකට අර 5000 තවම ගෙවනවද ?
මෙතන හරි සරල ජීවිත ගෙවන අය කියනවා පොලීසියට ලැජ්ජයිලු, එන්පිපි ලැජ්ජ වෙන්න ඕනලු. ඒ අය ලංකාවේ රාජ්‍යයට පිටින් තියෙන රාජ්‍යයේ විස්තර දන්නැති අය. 1962 (අවුරුද්ද හරි ඇති) කුමන්ත්‍රණයේ අත්අඩංගුවට පත්වෙච්ච සමහරු දුන්න කට උත්තර කියවල බලන්න පොඩි අවබෝධයක් එයි. උතුරේත්, දකුණේත් තරුණ කැරලි මර්ධනයට ඉතා කැමැත්තෙන්ම ඉදිරිපත් වෙච්ච අයගේ පවුල් පසුබිම් හොයලා බලන්න. මෙච්චර කල් රාජ්‍ය බලය, ධනය, නීතිය ආදී සියලුම දේවල් තමන්ට ඕන විදියට පාවිච්චි කරපු අය කිසිම ප්‍රශ්නයක් නැතුව, කැමැත්තෙන්ම ඒව අතහැරල යයි කියල බලාපොරොත්තුවෙන්නේ හරිම සරල, සුදු කලු විතරක් පේන ඒ අතර අළු පාට නොපෙනෙන අය. මේ වගේ නීතිය ක්‍රියාත්මක කරන තැන ලොක්ක නීතියට, අධිකරණයට ගරු නොකර ඉන්නෙ කාගෙ හයියෙන්ද කියල හොයල බලන්න. මේ ඒ අයගෙ ක්‍රියාවල නව වටයකින් ආරම්භයක් විතරයි කියල මට හිතෙන්නෙ.
හිටපු පොලිස්පතිට හොරා - පොලිස් සෙල්ලම කරලා ඇතිවෙලාද දන්නේ නැහැ බාර උනේ, එහෙම නැත්නම් එයාගේ හාම්පුතලා කිව්වද දන්නේ නැහැ උබව තියාගෙන හිටියොත් අපිත් අමාරුවේ වැටෙනවා ඒ නිසා බාර වෙයන් කියලා.
හැංගිලා හිටියා නෙමෙයි අල්ලන්නේ නැතුව හිටියේ... අපි නොදන්න පොලිස්.. පොලිසියේ සේරම බන්දුවට සපෝර්ට්.. පොලිසියෙ අයම තමයි බන්දුවා අල්ලන්නේ නැතුව හිටියේ...
යෝගා මැක්ස්, ඔයාගේ ගුණරත්න නමෙනුත් මොනවා හරි කියන්න. අනුරංග කියලා එකකුත් හදාගත්තාද?
ඔය පාඩම්කරන ඩයරිය හොයා ගත්තනම් ඔක්කොම විස්තර හොයාගන්න පුළුවන් වෙයි. මම කලිනුත් දැකල තියෙනව ඕක අතේ තියන් ඉන්නවා.
නීතිය කාටත් එක හා සමාන විය යුතුයි... අධිකරණය මඟ හැර සිටිමට නීතිය දැඩි දඬුවම් ක්‍රියාත්මක කළ යුතුයි....
කොහෙද හැංගිලා හිටියේ කියලාත් හොයලා හැංගෙන්ඩ පහසුකම් දුන්නු අයවත් ඇතුළට දාන්න ඕනෑ
බටලන්ද නැවත අරඹා එහි පළමු නේවාසිකයා ලෙස මෙතුමා ඇතුළත්කර, කජු සීයාට කියා නිසි දඬුවම් ලබාදීමට කැමති අය ඩිස්ලයික් දාගෙන යන්න.
දේශබන්දු අත්අඩංගුවට ගත්ත බෝතල් විනාශ කරනකං තමයි ළඟ තියාගෙන ඉඳල තියෙන්නේ. හිස් වීදුරු බෝතල් ටික රාජ්‍ය ඖෂධ සංස්ථාවෙ කැස්ස පැනිය ගබඩා කරන්නත් යවන්න ඉඳල.