
(නිමන්ති රණසිංහ)
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබන 13 වැනිදා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටන ලෙසට දැනුම් දෙමින් එම කොමිසම අද (11) සිතාසි නිකුත් කර ඇත.
මෙම සිද්ධියට අදාළ පරීක්ෂණයේදී නිරීක්ෂණය කරන ලද කරුණු අනුව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් කරුණු විමසීම සදහා මෙම සිතාසි නිකුත් කරනු ලැබූ බව එම කොමිසම පවසයි.
නිතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීමට අදාළ සියලුම ආයතන පසුගිය දිනවල රටතුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයක් තුළ මනා සහයෝගයකින් යුතුව කටයුතු නොකළ බවට සහ බුද්ධි අංශ ක්‍රියාත්මක වීමේ අඩුපාඩුවක් පැවති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නීරීක්ෂණය කර ඇති බව එම කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය නිවේදනයක් මගින් සදහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd