
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක් ලබාදී ඇත.එම කමිටු සාමාජිකයන් එහි සිට සිය විමර්ශන කටයුතු මෙහෙයවීමට නියමිතය.
මේ අතර ත්‍රිපුද්ගල කමිටුව විමර්ශන කටයුතු සැලසුම් කිරීම සඳහා අද(25) නැවතත් රැස්වීමට නියමිතය. මෙම කමිටුව පෙරේදා (23) පළමුවරට රැස්විය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කරති.
කොමිසම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කිරීමෙන් අනතුරුව එහි අවසන් විමර්ශන වාර්තාව කතානායකවරයාට භාරදීමට නියමිතය. පොලිස්පතිවරයා නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඉන් අනතුරුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාක්ෂි විමසන්න කාලය නාස්ති කරන්න ඕනෑ නැහැ. පරණ නිවුස් ටිකක් බලලා වාර්තාව ලියන්න... ඒ ඇති... මොකද රටම දන්නවා දේශබන්දු කවුද කියලා...
දේශබන්දුට මෙහෙම බයනම් ප්‍රභාකරන් හිටියා නම් මේ අය හැංගෙන්නේ ලිබ්බොක්කේ...