IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


දෙවන ණය වාරිකය ගැන අයි.එම්.එෆ් මතය කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ දෙවැනි වාරිකය ශ්‍රී ලංකාවට ලබා දෙන නිශ්චිත කාලයක් නොමැති බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව පියවර දෙකක් සම්පූර්ණ කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

පළමු පියවර නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉලක්ක සපුරාගත හැකි ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සමූහයකට ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එකඟතාවයක් ඇති විය යුතු බවත් දෙවැනි පියවර නම් මෙරට ණය තිරසරභාවය නැවත ඇතිකර ගත හැකි බව පෙන්වා දෙන පැහැදිලි මාවතකට ශ්‍රී ලංකාව අවතීරණ වීම බවත් පීටර් බෲවර් මහතා පෙන්වා දුන්නේය.

මෙම පියවර දෙක සම්පූර්ණ වූ පසු ඉදිරියට යා හැකි බවත් ඉන් අනතුරුව සමාලෝචන වාර්තාව සකස් කිරීමට යම් කාලයක් ගතවන බවත් එය විධායක කමිටුවට ඉදිරිපත් කිරීමටද තවත් යම් කාලයක් ගතවන බවත් පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය.කෙසේ නමුත් මේ දක්වා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ පිළිබඳව සෑහීමකට පත්වන බවද පීටර් බෲවර් මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා රජය ලබන බදු ආදායම පිළිබඳ සෑහීමකට පත් නොවන බවත් ලෝකයේ අඩුම බදු ආදායමක් ලබන රටවලට ශ්‍රී ලංකාවද අයත් වන බවත් ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකා රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19 ක් පමණ වන බවත් ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9 ක් පමණ වන බවත් පීටර් බෲවර් පැවසුවේය.

එම හිඩැස පිරවීම සඳහා ප්‍රමාණවත් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතු බවත් බදු පාලනය කිරීම සඳහා යාන්ත්‍රණයක් තිබිය යුතු බවත් පීටර් බෲවර් මහතා පෙන්වා දුන්නේය.2024 අවසාන වන විට රජයේ අදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12 ක ප්‍රමාණයක් දක්වා වැඩිකර ගැනීම ඉලක්කය බවද පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (6)

දෙවන ණය වාරිකය ගැන අයි.එම්.එෆ් මතය කියයි

Rata Perata Wednesday, 27 September 2023 08:01 PM

මේ මිනිස්සුත් බදු ආදායම ගැන විතරක් කතා කරන්නේ නැතුව රාජ්‍ය පරිපාලන වියදම් අඩු කිරීම ගැනත් බලන්න ඕන .දේශපාලුවෝ නඩත්තු කරන්නම කෝටි කීයක් යනවද

:       0       5

සිල්වා Wednesday, 27 September 2023 08:31 PM

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්කිරීම ඉතා අසීරු බවයි පෙනෙන්නේ. එය සාර්ථක කර ගැනීමට නම් මහජන සහාය අත්‍යාවශ්‍යය. මහජන සහාය සාර්ථක කරගැනීමට නම් හැංගි හෝරා සෙල්ලම් නැතිව සියළු කොන්දේසි එලිදරව් කොට ජනතාව දැනුවත් කරමින් සහයෝගය ලබා ගත යුතුවෙ.

:       1       2

Perera Wednesday, 27 September 2023 11:16 PM

ණය අරගෙන පිනාධිපතියා ගෝල බාලයොත් එක්ක සුමාන දෙකෙන් දෙකට රට සවාරි යන එකනේ කරන්නේ

:       2       6

ගලපර Thursday, 28 September 2023 07:24 AM

එය ඉතා සරලයි. අත්‍යවශ්‍ය නොවන දේවලට වැඩිපුර වියදම් කර අඩුවෙන් උපයන විට සහ පරතරය පියවා ගැනීමට අපි ණය ගන්නවා. ණය ප්‍රමාද වී හෝ නොගෙවයි. අපට සම්පූර්ණ ආර්ථික ප්‍රකෘතියක් ඇතිවන්නේ කෙසේද? අපි උපයන සොච්චම් මුදල දේශපාලකයන්ගේ සැප පහසුවටත් අනවශ්‍ය විදේශ ප්‍රීති සංචාරවලටත් වියදම් කරල බාල් නටනව.

:       0       4

චන්දන Thursday, 28 September 2023 08:24 AM

IMF එක්ක ගනුදෙනු කිරීමේ වාසිය පේනව නේද? ලාංකිකයන් රට හැර යාම ඉදිරියෙදි තවත් වැඩිවේවි. පැහැදිලි අය-වැය ප්‍රතිපත්තියක් නැති මේ දේශපාලකයන්ට රට පාලනය කරන්න බැහැ. වෙනත් දියුණු රටවල බදු වැඩි නමුත් ජීවත් වීමට ප්‍රමානවත් ආදායමක් ඔවුන්ට තියනව. අනෙක ගන්න බදුවලට මොකද වෙන්නෙ කියලත් දන්නව. ලංකාවෙ මේ මොකවත් නැහැ. බදු ගෙව්වට පස්සෙ ඉතිරවන මුදලින් එදා වේලවත් යැපෙන්න බැරි ආර්ථිකයක් තුළ කොහොමද මිනිස්සු ඉන්නෙ. දැන් තිබුණටත් වඩා සැප ලැබේවි.

:       0       2

කමල් Thursday, 28 September 2023 10:39 AM

ආදායම 9% ඉඳලා 12%ට ගේන්න ඕනලු. හැබැයි වියදම 19% ඉඳලා කීයට අඩු කරනවද කියන්නේ නෑනේ. මාර විගඩමක් මේක. මට තේරෙන විදිහට ලංකාවේ ලොකුම ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුවේ නාස්තිය. හැබැයි මුනුත් ආණ්ඩුවට ඕන විදිහට ඒ කරන නාස්තිය දිගටම කරන්න පුලුවන් විදිහට අපෙන්ම හූරං කන්න වැඩ සෙට් කරල මාරු වෙයි වගේ.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 505 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 105 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site