
සුජිත් හේවාජුලිගේ
පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක් කරති.
මෙම ඉල්ලීම කරන්නෝ සමස්ත ලංකා මහජන ක්රොංග්රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය, ඉලංගෙයි තම්ල් අරුසු කච්චි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්රගතිශීලී සන්ධානය යන දේශපාලන පක්ෂවල නායකයෝය.
ආරංචි මාර්ග පවසන අන්දමට පළාත් සභා මැතිවරණය ප්‍රමාදයකින් තොරව පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ රැසක් මෙලෙස එකවර ඉල්ලීමක් කරන පළමු අවස්ථාව මෙයයි. එම දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයෝ ඊයේ (13) කොළඹදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ පිළිබඳව මාධ්‍යයට කරුණු ඉදිරිපත් කළහ.
බලයට පත්වී වසරක දී පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජාතික ජන බලවේගය පොරොන්දුවක් දී තිබුණ ද මේ දක්වාම එම පොරොන්දුව ඉටු කර නැති බව දෙමළ පක්ෂ නියෝජිතයෝ සඳහන් කළහ.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවැසුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බලාත්මක කිරීම, සියලු ප්‍රජාවට බලපාන ඉඩම් ආශ්රිත ගැටලු විසඳීම, සුළුතරය හා සම්බන්ධ ගැටලු සංවාදයෙන් විසඳීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණි බවයි.
සංහිඳියාව, ප්රජාතන්ත්රවාදී පාලනය සහ ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා පොදු වේදිකාවක් හරහා සාකච්ඡා දිගටම කරගෙන යෑමට දේශපාලන පක්ෂ තම කැපවීම නැවත තහවුරු කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි. මේ අය තම තමන්ගේ ප්‍රශ්න විතරක් විසඳගන්න වේදිකා හදාගන්නවා. සිංහල අයට සියලුම අයගේ ප්‍රශ්න විසඳන්න කියනවා.
ඔය දමිළ මුස්ලිම් පක්ෂ ඕනාවට වඩා විශ්වාස කරගත් සිංහල පක්ෂවල නායකයිනි ඔවුන්ගේ බිත්තියක තියෙන රූපයක්වත් විශ්වාස නොකරන්න කියලා අපේ පැරැන්නන් කියපු ලියපු දේවල් ගැන ගැඹුරින් සිතා ඉදිරියට බුද්ධිමත් තීරණ ගෙන දේශපාලන කටයුතුවල යෙදෙන්න.ස්තුතියි.
එච්චරයි දැන් අඩු
මේ අවස්ථාවේ චන්දෙ තිබුනොත් ආණ්ඩු පක්ෂෙට බහුතරයක් නැති බව බුධි අංශ විසින් ආණ්ඩුවට වාර්තා කර ඇත, එම නිසා පළාත් සභා මැතිවරණ 2029 පෙර පවත්වන්නේ නැත.
ජනතාවට මේ අවස්ථාවේ ඡන්දයක් අවශ්‍ය නැත. අවශ්‍යව ඇත්තේ ජීවන තත්වය ඉහල දාගැනීමටත්, ජීවන තත්වය බංකොළොත් කරපු හොරු හිරේ යැවීමටත්ය. ඡන්ද පැරදෙන, ඡන්ද කල්දාන, බංකොළොත් විපක්ෂය බොරුවට ඡන්ද ඉල්ලා නහයෙන් අඬයි.
පුදුම තදියමක්නේ තියෙන්නේ,හිටපු පින් ජනපතියා පළාත් සබා මැතිවරණය ප්‍රකාසයට පත් කරලා,අන්තිමට ඒක නැවැත්තුවා .හරිහමන් එවුන් නම් කරන්ඩ තියෙන්නේ මේ වෙලාවේ රට පුරාම පැතිරීලා තියෙන ඩෙන්ගු මර්දනයට සහාය දක්වන එක.
මේ අවස්ථාවේ චන්දයක් තිබ්බොත් බහුතර කෙසේ වුනත් මලිමාවට 30% වත් ගන්න බැහැ , අනෙක් ප්‍රධාන පක්ෂ දෙකටත් බැහැ බහුතර හදන්න , එහෙම අවස්ථාවක දෙමල මුස්ලිම් පක්ෂ වලට වැඩි අවස්ථාවක් තිබෙනවා කේවල් කරන්න , මාලිමාව මේ අවස්ථාවේ වහාම තීන්දුවක් ගන්න ඕනේ , කෙලින්ම සුදු අලියෙක් වන පළාත්සභා අහෝසි කර එහි බලතල ප්‍රාදේශීය සභා / නගර සභා සහ මහා ආණ්ඩුව අතර බෙදන්න , එහෙම නැතිනම් මහන්සිවෙලා වැඩ කරලා ,චන්දෙට කලින් ජනතාවට දුන්න පොරොන්දු වලින් 50% වත් ඉටු කරලා ජනතා ප්‍රසාදය වැඩි කරගෙන ඉදිරි වසරේ අවසානයේ චන්දෙ තියල දිනන්න
මේක ප්‍රජාතනත්‍රවාදී රටක් , දෙමල මුස්ලිම් මිනිස්සු කියනකම් ඉන්න ඕනේ නැහැ චන්ද තියන්න , එක වියවස්ථාවෙන් පාලකයන්ට පැවරුන වගකීමක් ,