(යොහාන් භාසුර)
දුම්රිය ආසන ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් විනාඩි 10 ක පමණ කාලයකදී අන්තර්ජාලයෙන් වෙන්කිරීමට ජනතාව උත්සහ කිරීම නිසා කලින් ආසන වෙන්කිරීමේ ක්‍රියාවලිය යළි සකස් කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.
දෛනිකව පෙරවරු 10.00 ට අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන්කරගැනීමට විවෘත කළ පසු පෙරවරු 10.10 පමණ වන විට ආසන වෙන්කිරීම අවසන් වන බවත් ඒ අනුව ආසන වෙන්කරගැනීමට ලබාදී තිබූ දින 14 ක කාලය දින 30 ක් දක්වා ඉහළ දැමූ බවත් එම නිලධාරියා කීය.
කලින් වෙන්කරගත යුතු දුම්රිය ආසනවලින් සියයට 60 ක් අන්තර්ජාලයෙන් ද, සියයට 40 ක් දුම්රිය ස්ථානයෙන් ද, ලෙස මේ වන විට පවතින බවත් ඉන්ධන හිඟය සහ සෙසු ප්‍රවාහන මාධ්‍යවලට අධික වියදමක් දැරීමට සිදුවීමත් නිසා දුම්රියට මෙසේ දැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
විදුලි බිල අඩු කිරීමේ යෝජනා අනිද්දාට (10)පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.
පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා
අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසියාකරව සිදු කරන්නේ නම් කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා තිබෙන විදේශ
ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්
හොර පාරෙන් විදේශයන්හි රැකියාවන්ට ගොස් අමාරුවේ වැටුන විට ඔවුන් බේරා ගැනීමට රජයක් හැටියට කළ හැකි දේ සීමිත යැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දුම්රිය ආසන ලක්ෂයක් විනාඩි 10 න් බුක් වෙයි
sena Tuesday, 20 September 2022 10:20 AM
කොච්චර ටිකට් විකුණුනත් දෙපාර්තමේන්තුව පාඩුයිනේ.
Dissanayaka Tuesday, 20 September 2022 10:50 AM
මෙය මාෆියාවක් මිස නියම වෙන්කරවා ගැනීමක්මක් නොවේ. ඒ සඳහා අවශ්‍යය ක්‍රියාමාර්ග ගත යුතුය.
johanTuesday, 20 September 2022 01:10 PM
මටත් හිතෙනවා මෙතන මොකක්හරි අවුලක් තියෙනවා කියලා... අයියලා ඇතුළෙන්ම ටිකක් සල්ලිවලට අරගෙන පස්සේ කලුකඩේට විකුණන්න යනවාද කොහේද?
pakeer Tuesday, 20 September 2022 11:02 AM
මුහුදු බඩ මාර්ගෙ නම් දැන් ඉතින් කපෝතී...හැමදාම පීලි පනිනව.....යන්නෙත් මාර හෙමින්...කොටුවෙ ඉදන් මොරටුවට යන්න පැය එකහමාරකට වඩා යනව....නියම සංවර්දනේ ...සුපිරි ආස්චර්ය....එ උනාට අහසෙ ගෑවෙන්න කුලුනු...මෙව සුපිරි රටවල් .
චන්දන Tuesday, 20 September 2022 12:24 PM
කලුතර පැත්තේ ඇමැතිවරයකු ප්‍රවාහන ඇමැති වෙලා මුහුදුබඩ මාර්ගය මාස ගණනක් වහලා අලුතෙන් ම හැදුවා. ප්‍රතිඵලය නම් මරු. මේ අපේ සල්ලි නේද? හෙන ගහනවා...!
TrueTuesday, 20 September 2022 06:58 PM
ඇයි තමුන් කෝච්චිය කියලා හිතාගෙන බිම බඩගාගෙනද යන්නේ...? නිකම් බොරු වාචාල නොකියා ඉන්න... කොටුවේ ඉඳන් මොරටුවට පැය එකහමාරක්ලු.. අනේ මේ වගේ මිනිස්සු.
jaya Tuesday, 20 September 2022 11:23 AM
පසුගිය වසරේම දුම්රිය ආදායම කෝටි 600. විනාඩි 10 ලක්ෂයක් ආසන වෙන් කර ගන්න යනවා නං එතනම කෝටි 10ක වත් ආදායමක් තියෙනවා. පද්ද්දතියක් අලුතෙන්ම හැදුවත් කෝටි 10ක් යන්නේ නෑ. අවුරුද්දකටම සේවා ගාස්තුත් ඒ වගේ ප්‍රමාණයක් තමා වෙන්නේ
Prabha Tuesday, 20 September 2022 12:18 PM
පද්ධතියට කලින් පීලි පනින්නේ නැතුව යන්න පුළුවන් විදියට පාරවල් ටික හදා ගන්න වෙයි.
විපරමා Tuesday, 20 September 2022 03:18 PM
කන්කසන්තුරේ, යාපනේ යන සූඛෝපභෝගී කියන දුම්රියවල තියෙන වැසිකිළි මොනතරම් අපිරිසිදුද? වතුර ගලනවා... විදේශිකයින් පවා පිළිකුළෙන් හැරිලා එනවා. ආදයම් ලැබෙනවා වගේම අනිකුත් අවශ්‍යතා ගැනත් සලකලා බැලුවොත් හොඳ නැද්ද?
comSisira Wednesday, 21 September 2022 06:19 AM
පරිගනක පද්දතිය වෙනස් කරන්න කෝටි කීයක් දුන්නාද කියල කල්පනා කරන මම