IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දුම්රියේ ගැටීමෙන් 2 ක් මරුට

( ඩී.ජී.සුගතපාල)

කොග්ගල පොහොර ගබඩාව අසල දුම්රිය හරස් මාරගයේදි අද (16) දහවල් මෝටර් රථයක් දුම්රියේ හැපිමෙන් මෝටර රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මියගොස් ඇති දෙදෙනා අහංගම වැල්හේන්ගොඩ පදිංචිකරුවන් බවත් කාන්තාව මෝටර් රථය පදවන ලද පුද්ගලයාගේ ඥාති කාන්තාවක් බවට  හඳුනාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

මියගිය කාන්තාවට ප්‍රතිකාර ලබා ගැනිම සඳහා ගාල්ලේ පුද්ගලික රෝහලකට පැමිණ ආපසු නිවසට යන අතර මාලු ගැනිම සඳහා දුම්රිය හරස් මාරගයෙන් පාර මාරුවෙමින් සිටියදි මහනුවර සිට බෙලිඅත්ත බලා ධාවනයවු සිඝ්‍රගාමි දුම්රියේ මෝටර් රථය හැපි ඇත.

දුම්රියේ හැපුන මෝටර් රථය මිටර් 400ක් පමණ ඉදිරියට ඇදි ගොස් කොග්ගල ගුවන් හමුදා කඳවුර අසල හරස් මාරගය අසල නතරව ඇත.

දෙදෙනාම මෝටර් රථයේ හිරවි සිටි අතර ප්‍රදේශවාසින් විසින් මෝටර් රථය ඉවත්කර මළ සිරුරු පිටතට ගෙන ඇත. පශ්චාත් මරණ පරික්ෂණ සඳහා මළ සිරුරු අද සවස කරාපිටිය රෝහල වෙත ගෙන යන ලදි.



අදහස් (3)

දුම්රියේ ගැටීමෙන් 2 ක් මරුට

Bunny Preena Thursday, 16 March 2023 04:35 PM

බොහොම කනගාටුදායක පුවතක්. ණොසැලකිලිමත්කම සහ ඉවසීමක් නැතිකම හින්ද අපරාදෙ ජීවිත දෙකක් අකාලයෙ විනාස උනා.

:       0       5

චන්ද්‍රසිරි ගුණසේකර Thursday, 16 March 2023 05:33 PM

අනතුර වෙන්නටත් පෙර මළසිරුරු කරාපිටිය රෝහලට යැව්වේ කෙසේද? අනතුර සිදුවී ඇත්තේ 16 දහවල් බව ප්‍රවෘත්තියේ සඳහන්වේ.මළසිරුරු ඊයේ (15) සවස රෝහලට යැවූ බව පසුව සඳහන් කර ඇත

:       0       0

Priyantha Sunday, 19 March 2023 03:24 AM

මම ඉන්න රටේ මෙවැනි තැන්වල ක්‍රොස් නොවන විදිහට දුම්රිය මාර්ගය හෝ තාර පාර උඩින් ඉදිකරලා තියෙනවා.. අනතුරක් නැහැ මාර්ග තදබද නැහැ. අපේ රටට මේ වගේ තත්වයකට එන්න කවදා පුළුවන් වේවිද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site