IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


දීග ජන්තු 1ත් මරා දමයි

(බී.ජී චතුරංග සහ  කාංචන කුමාර ආරියදාස)

කහල්ල පල්ලේ කැලේ අභය භූමියේ සහ කලා වැව් රක්ෂිතයේ සැරි සරූ ද දීඝ දන්තු 1 ඇතා විදුලි සැර වැදීමකින් අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.

ගල්කිරියාගම පොලිස් වසමට අයත් ආඩියාඟල, පලාගල, හිඟුරු වැව ප්‍රදේශයේ නිවසක් අසල අද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී මෙම ඇතා ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මෙම අනවසර විදුලි රැහැන සවිකල පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කළේය.

කහල්ල පල්ල කැලේ අභය භූමියේ සියබලන්ගමුව, කලා වැව සහ බළලූ වැව් රක්ෂිත තුල කාලයක සිට සැරි සරූ මෙම දීඝ දන්තු 1 ඇතා, මීට වසර පහකට පෙරදීද බඳින තුවක්කුවකට හසු වී ඉදිරි වම් පාදයට බරපතල තුවාල සිදුව ප්‍රතිකාර ලැබූ බව වන ජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේය.

දැනට කලා වැව් රක්ෂිතයේ ඉතුරුව සිටි එකම මහේෂාක්‍ය ඇතා දීඝ දන්තු 1 බව  පරිසරවේදීන් පෙන්වා දෙයි.



අදහස් (7)

දීග ජන්තු 1ත් මරා දමයි

Tharindu Thursday, 28 November 2024 02:50 PM

ස්වභාවික සම්පත් සහ වනජීවීන්ගෙන් බහුල අපේ රටේ මේ වෙන අහස පොළව නුහුලන අපරාධ දකින විට දැනෙන වේදනාව වචන වලට පෙරලුණා ම සාපයක් වෙනවා...එය භාවිතා කරන්න බොහෝ මිනිසුන් කැමති නැත..

:       3       23

Lalla Thursday, 28 November 2024 02:55 PM

අනවසර විදූලි රැහැනද? නැතිව නිවසද? මේ අනවසරයෙන් ඉඩම් අල්ලාගෙන නිවාස ඉදිකිරීමේ විපාකය නොවේද?

:       3       26

හංසි ජයවර්ධන Thursday, 28 November 2024 04:28 PM

පින් සිදුවෙයි, අවධානය යොමු කරන්න නීති හදන්න ගරු ජනාධිපතිතුමනි. පපුව පත්තු වෙනවා මේවා දකින කොට...!

:       3       19

ජනරළ Thursday, 28 November 2024 05:35 PM

විදුලි සැර වැඩි ඇත් රජු මියයන මොහොතේ කොතරම් වේදනාවකින් මිය යන්නට ඇත්ද? මේ අලි ඇතුන් සියැසින් දකින්නට යුරෝපීය ජාතිකයින්ට තියෙන්නේ පුදුම ආශාවක්. ඇත්තටම සමහරුන්ට ඒක හරියට පිස්සුවක් වගේ කිව්වාට පුදුම වෙන්න දෙයක් නැහැ. සොබා දහමින් මේ අපිට ලැබිලා තියෙන්නේ පුදුම සම්පතක්. මේ සත්තු ටික රැකගෙන යුරෝපීය සංචාරකයින්ට සජීවීව පෙන්නන්න පුළුවනි නම් ඒකම ඇති ඩොලර් උල්පතක් මවන්න. මෙතෙක් කල් රට පාලනය කළ කාලකන්නි දේශපාලකයින් ටිකට ඒ සඳහා හරි වැඩපිළිවෙලක් හදන්න බැරිවුණා. ඒ නිසා දැන් ඉන්න අයට ලොකු වගකීමක් තියෙනවා...

:       2       18

pjFriday, 29 November 2024 04:16 AM

සිදු නොවිය යුතු සෝචනීය පුවතකි. එදා 88/89 කාලයේ ජවිපය එකෙන් දරුවන් ඉදිරියේ තාත්තලා කුරීරු අන්දමින් මරාදමන විට දරුවන් හෙළූ කඳුළු මිටත් වඩා සෝචනීයයි.

:       3       3

Dharmasena Friday, 29 November 2024 11:28 AM

ඇතා ජාතික වස්තුවකි. මිනිස් ජීවිත... කිසිඳු වටිනාකමක් නොමැති යුරොපීයන්ගෙන් ඩොලර් උපයන්න නොහැකි එදිනෙදා ජීවිකාව ගැටගසා ගැනීමට නොහැකිව දුක්විඳින සතුන් කොටසකි. වසර 74ක් වයසක අම්මා කෙනෙක් උදෑසන ගෙමිදුලට ගොඩවෙනවාත් සමග අසල සිටි වල්අලියකු පහරදී මිය ගිය බව පසුගිය දිනවල පුවත්පත් වාර්තාවල සඳහන්විය. ඒ අසරණ අම්මා ගැන කවුරුත් කථා කලේ නැත. උදෑසන පාසලට ළමයා රැගෙන ගිය අම්මා.. පාපැදියෙන් ළමයා රැගෙන ගිය පියා නැවත නිවසට එනවිට අලියා පහරදෙයි. මෙතැනදී නිවස හා පදිංචි මිනිසුන්ගේ ආරක්ෂාවට අනවසර විදුල් රැහැනක් ඇදීම නිසා මිනිසුන් ආරක්ෂා විය. අලියා මිය ගියේය. ගෙහිමියාට නීතිය තදින්ම ක්‍රියා කළ යුතුයි. මිනිසුන් කියති. මිනිසුන් හා සතුන් පැටලී ඇත.

:       1       0

Dhana Friday, 29 November 2024 11:48 AM

මැරුණු ඇතා හෝ කරන්ට් එක දැමු පුත්ගලයාගේ හෝ පැත්තක් ගැනීම නිශ්ලඵ කාර්යකි. එයට අදාල කියාමාර්ග ආදාළ නිලධාරින් දැන් යුහුසුලුව ගනු ඇත. එයින් අහිමිවූ ඇත් සම්පත රටට හිමිවේද? මන් ඉදිරියට මෙවන් විපත් නොවිමට වගකිම් ලත් බලදරයන් කටයුතු කළ යුතුයි. මෙවන් අනවසර වැටක් ඉදිකර තිබිම පිළිබඳ අදාළ නිලධාරින් නිරික්ෂණය කොට අනවසර වැටවල් ඉවත් කිරිම හෝ එයට අදාල කියාමාර්ග ගැනීම කළ යුතුයි. රාජ්‍ය පාලනයක අවශ්‍යතාවය ඇත්තේ එතැනයි. සියල්ල සිදුවී හාමාර වූ පසු දුවන හරක් රැලක් අවශ්‍ය වන්නේ නැත. එසේ දිවීමට පමණක් නම් බදු මුදල් වලින් මාසික දීමනාවක් දී නිලදරයින් පෝෂණය කිරීම රාජ්‍යයක අඥාන්විත භාවයම පෙන්නුම් කරමින් ඉදිරියට යනවාද සියල්ලෝම හරි පාරේ යනවාද යන්න සිතීමට කාලය එල්බ ඇත. “සියලු සත්වයෝ සුවපත් වෙත්වා “යන බුද්ධ වචනය මොනවට හදවතේ තැන්පත් කරගෙන යහපත් පාලනයකට ආශිර්වාද කරමු..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28483 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18197 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10970 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 681 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site