
දියවැඩියාවට එරෙහිව නව ප්‍රතිකර්මයක් හඳුන්වා දීමට චීන වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති.
මෙම නව ප්‍රතිකර්මය ලොව පුරා මිලියන ගණනක් දියවැඩියා රෝගීන්ට මහත් අත්වැසිල්ලක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මෙහිදී සිදු වන්නේ, ඉන්සියුලීන් එන්නත් කිරීම වෙනුවට, අගන්‍යාසයේ ඉන්සියුලීන් නිපදවන සෛලවලට සමාන සෛල කෘත්‍රිමව පර්යේෂණාගාර තළ නිපදවා, ඒවා දියවැඩියා රෝගීන්ට ලබා දීමය.
මෙම ක්‍රමය භාවිත කරමින් සායනික පර්යේෂණ කීපයක් සිදු කළ බවත්, මෙම නව ක්‍රමවේදය සාර්ථක වූ බවත්, එම රෝගීන්ගේ දියවැඩියා තත්ත්වය තුරන් වූ බවත් චීන විද්‍යාඥයන් පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
අනෙක් රට වල තාක්ෂනය කොපි කරනවා කියලා චීන්නුන්ට බැන්නට .කොපි කිරීමෙයි ප්‍රවීණතාවත් වැදගත් වෙනවා කියලා මේකෙන් ඔප්පු වෙනවා
එය මනුෂ්‍ය වර්ගයාට විශිෂ්ට සොයාගැනීමකි
ආරෝග්‍යා පරමාලාභා .සතුටට කරුණක්
ලංකාවේ දියවැඩියාව නිට්ටාවට සුවකරනවා කියමින් රෝගින් රවට්ටලා මුදල් ගරමින් හිටිය හොර වෙද්දුන්ට දෙවියන්ගේම පිහිටයි.
ඕවා මොනවද හලෝ....? ඔයිට ගොඩක් කලින් නොවැ අපේ U TUBE දොස්තරලා සහ" ඊනියා ආයුර්වේද සහ පාරම්පරික "වෙද්දු දියවැඩියාව "නිට්ටාවට සුව කලේ"
ඉතාමත් සතුටුයි. මම දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක්.
FB දියවැඩියාව සුව කරන නඩේට හුප්පේ තමයි...
වෙද හොරුන්ට තමයි පාඩු .
වෙනත් ලෙඩරෝග තියන ලෙඩ්ඩුන්ට විශේෂයෙන් තයිරොයිඩ් ආශ්‍රිත රෝගවලට මෙය අහිතකර විය හැකි බවත් මෙයින් ඇතිවන අතුරු ඵල ගැන තවම හරි නිගමනයකට ඒමට නොහැකි බව සමහරක් දොස්තරලාගේ මතය වුනා.
ගොඩක් සතුටුයි .ඉක්මනින් ප්‍රතිකාර කරන්න ලැබේවා .අපේ රටේ ලෙඩ්ඩු සුව වේවා
අපට නම් මාර සතුටුයි ඒත් මෙට්ෆෝමින් පෙති හදන සමාගමට නම් ඌරු ජුවල් ඇති