(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බෑනාට හොර රහසේ සිය 24 හැවිරිදි ගැබිණි දියණිය කෑගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් වලව්වක සඟවාගෙන දරුගැබ විනාශ කිරීමට කටයුතු කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි.
අත්අඩංගුව ගත් මව කොළඹ පිහිටි දෙපාර්තමේන්තුවක රාජ්‍ය කළමනාකාර සහකාරවරියක බව ද පොලිසිය සඳහන් කරයි.
ජෝතිෂ්‍ය වේදිකයකුගේ අනාවැකියක් පිළිගත් මෙම මව මේ ආකාරයෙන් දියණියගේ දරුගැබ විනාශ කිරීමට කටයුතු කර ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණයවී ඇත.
අවුරුදු 24 බාස 10ක් යන තෙක් තම දියණියට දරුවකු ප්‍රසූත කිරීම සිදුසු නොවන බව එම ජ්‍යොතිෂ වේදියා පවසා ඇත. ඒ අනුව දරුවකු ලැබීමට සූදානම් වූ දියණිය බෑනා නැති අතරේ පැහැරගෙන ගොස් මේ ආකාරයෙන් දරු ගැබ විනාශ කිරිමට සූදානම් වී ඇත.
ගැබිණි දියනියට කිසියම් පෙතිවර්ගයක් බීමට සලස්වා ඇතැයි ද දැනගන්නට ඇත. ගැබිණිය රඳවා සිටි නිවෙසින් හොර රහසේ පැන කෑගල්ල නගරයට පැමිණ තම සැමියාට සියලු විස්තර දැන්වීමෙන් පසු පෑලියගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත කිරිබත්ගොඩ පොලිසියට එහි විමර්ශන බාරදීමෙන් පසු මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ගොන්, කෘෘර, අම්මලා ඉන්න රටක අනිත් ඒවා ගැන කවර කථාද? තමන්ගේම දරුවන්ට පොඩිකාලේ අපමන වද දෙන අම්මලා ඉන්නවා. ඒවා එළියට එන්නේ නැහැ.
හොර කට්ටඩියන් කෑගල්ල පැත්තෙ වැඩී වගේ. උන්නාන්සෙ කෙනෙකුත් ජයටම කලේ
දෙයියනේ මෙහෙමත් අම්මෙක්... අර පේන කියපු එක්කෙනාටත් පොඩි තරවටුවක් කරන්න වෙනවා...!!!