( තිස්ස කොටින්කඩුව-සරත් චින්තක)

ඉපදී දින හතක් ගිය නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට වික්ක පිලියන්දල ප්‍රදේශයේ තරුණ මවක් සහ රුපියල් 25000 බැගින් මුදල් ලබා දී එම දරුවන්  මිලදී ගෙන තිබු කාන්තාවන් දෙදෙනෙකුද අද (07) උදේ අත්අඅඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.

සැකකාරියන් අතරින් නිවුන් දරුවන්ගේ තරුණ මව සහ එක් දරුවෙක් මිළදී ගත් කාන්තාවක් රාගම ප්‍රදේශයේදීත් අනෙක් දරුවා මිළදී ගත් කාන්තාව කැළණිය පෙදසේදීත් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

රාගම ප්‍රදේශයේ නිවෙසක මෙහකාර වෘතියේ යෙදී සිටි අදාල මව මීට සතියකට ඉහත කොළඹ කාසල් මාතෘ රොහලේදී නිවුන් දරු ප්‍රසුතිය කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

 

;