IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දින දෙකට වාහන ලක්ෂයක් එහා මෙහා ගිහින්

(සුජිත් හේවාජුලිගේ)

සංචරණ සීමා ක්‍රියාත්මකවූ පසුගිය 7 සහ 8 යන දෙදිනේදී අධිවේගී මාර්ගවල වාහන ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අධිවේගී මාර්ගවල පසුගියදා 7 වැනිදා වාහන පනස් එක් දහස් හත්සිය අනූවක්ද පසුගිය 8 වැනිදා වාහන හතළිස් හත් දහසක්ද මෙසේ ධාවනය වී ඇත.

මෙම දින දෙකේදී රථවාහන ධාවනයෙන් උපයාගෙන ඇති මුදල රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධිකය.

මේ සම්බන්ධයෙන් අප අධිවේගී මාර්ග මෙහෙයුම් ,නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ඉංජිනේරු නිහාල් ලොඩ්වික් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ අධිවේගී මාර්ගවල රථ වාහන ධාවනය පොදුවේ සියයට 60කින් පමණ අඩුවී ඇති බවය.

අධිවේගී මාර්ගවලින් සංචරණ සීමා නැති වෙනත් සාමාන්‍ය දිනයකදී උපයන ආදායම දළ වශයෙන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න යැයිද මේදිනවල එම ආදායම හරි අඩකින් පමණ අඩු වී ඇතැයි ද ඔහු සඳහන් කළේය .

අධිවේගී මාර්ගවල මේ දිනවල ගමන් ගන්නා වාහන ප්‍රමාණයට අත්‍යවශ්‍ය සේවා සඳහා යන වාහන සහ ගිලන්රථද ඇතුළත් වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පවසති .

 



අදහස් (1)

දින දෙකට වාහන ලක්ෂයක් එහා මෙහා ගිහින්

fairoos Thursday, 10 June 2021 06:06 PM

ස්ටිකර් අලවපු වාහන විතරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site