(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරසය ආසාදිත වී සිටි තවත් 19 දෙනකුගේ මරණ අද (7) වාර්තා විය.
මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 764 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මෙය එක් දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන වේ.
මෙම මරණ 19 න් 14 හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි.
සුන්දර පුර 63 හැවිරිදි කාන්තවක්,ඉලවාලෛයි ප්‍රදේශයේ 75 හැවිරිද කාන්තවක,කෝන්ගහවෙල 60 හැවිරිදි පුද්ගලයෙක්,රත්මලානේ 86 හැවිරිදි පුද්ගලයෙක්,දෙහිඅත්තකණ්ඩියේ 54 හැවිරිදි කාන්තාවක්, බදුල්ල මහිලගස්තැන්නේ පුද්ගලයෙක්,වාද්දූවේ 72 හැවිරිදි කාන්තවක්, කොළඹ -3 ප්‍රදේශයේ 53 හැවිරිදි පුද්ගලයෙක්, රද්දොළුගම 68 හැවිරිදි පුද්ගලයෙක්,රාගම 45 හැවිරිදි කාන්තාවක්,වැලිකඩ බන්ධනාගාරය තුළදි 68 හැවිරිදි කාන්තාවක්, පෝද්දල 82 හැවිරදි පුද්ගලයෙක්,අලපලාදෙණියේ 50 හැවිරිදි පුද්ගලයෙක්,අඟුලුගහ 80 හැවිරිදි කාන්තාවක්,හික්කඩුවේ 65 හැවිරිදි කාන්තාවක්,අඟුලුගහ 74 හැවිරිදි පුද්ගලයෙක්, නුවරඑළිය හාවාඑළියේ 75 හැවිරිදි පුද්ගලයෙක් සහ අනුරාධපුර 76 හැවිරිදි පුද්ගලයෙක් මිය ගිය අය අතර වුහ.
COMMENTS
මැයි 05වැනිදා 25 දෙනෙක් මිය ගියා ...
කොරෝනා පැතිරීම වැළැක්වීමේ වගකීම පළමුව සෞඛ්‍ය අංශ, ජනතාව, ආරක්ෂක අංශ, රජය සහ දේශපාලන අධිකාරිය වගකිව යුතුයි. පිළියන්දල ජීවත්වන අපිව මීට සති දෙකකට පෙර සෞඛ්‍ය අංශ දැනුවත් කළා.. නමුත් ජනතාව, ආරක්ෂක අංශ, රජය සහ දේශපාලන අධිකාරිය ඒ ගැන සැලකිලිමත් වුනේ නෑ. දෙවෙනිදා වෙනකොට පැතිරිලා, ලොක් ඩවුන් කළාට ආරක්ෂක අංශ සහයෝගයක් තිබුනේ නෑ, ජනතාව හැමතැනම ගියා, ඒ අස්සේ දේශපාලන අධිකාරිය බලය පාවිච්ච් කරලා ලොක් ඩවුන් ඉවත් කළා. දැන් ඉතින් කියලා වැඩක් නෑ.. ඉදිරියටවත්, හරි ඉක්මන් තීරණ අරගෙන කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජනතාව මුදවාගන්න.
ඔහොම කිය කියා දිගටම යමු... එතකොට දිනෙක ඔක්කොම මැරුණා කියලා කියන්න බැරියෑ.
ලොක්ඩවුන් කරන්න කිය කියා බොරුවට කෑ නොගහ තමන් ලොක්ඩවුන් එකකට ගියා නම් ඉවරයිනේ. කැමැති අය ගෙවල්වල ඉන්න ඕනේ අය ඉඳීවි. තමන්ගේ ආරක්ෂාව තමන්ට විතරයි සලසගන්න පුළුවන්. තමන්ගේ ලොක්ඩවුන් එක හරියට නඩත්තු කර ගත්තා නම් කාටවත් දොස් කියන්න ඕනැ නැහැ.
ඒ වුණාට සර් කහපැළ හිටවනවනේ.. ප්‍රසන්න රණතුංග සහ ලංසා. සේරම පාලනය කරනවනේ..
දැන් එතකොට අපිතමයි හොදට කරේ කියලා කියන්න කවුරුත් නැද්ද.?