
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දිට්වා නිසා අවතැන් ජනතාවට වෙන් කළ මුදල් නිසි පරිදි ජනතාව අතරට ගිහින් නැතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුව රැස්වී රු. බි. 500කට වැඩි ප්රමාණයක් දිට්වා කුණාටුවෙන් විපතට පත් ජනතාවට සේම යටිතල පහසුකම් සංවර්ධනයට වෙන් කර ගත් නමුත් මේ මුදල් ජනතාව අතරට ගෙන යාමේ දී මූල්ය හා භෞතික ප්රගතිය දුර්වල මට්ටමක පවතින බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සහන ලබා දීමේ ප්රගතිය 50%, 25% ආදී අඩු ප්රතිශතයක ඇති බවත් රජය ඊට හේතු ඉදිරිපත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
විවිධ විපර්යාසයන් හා ව්යවසනයන්ට මුහුණ දීමට ආපදා කළමනාකරණය සඳහා නව පනතක් සේම ව්යුහයක් අවශ්ය බවත් ව්යවසනයක් සිදුවූ පසු ප්රතිචාර දක්වනවාට වඩා ඊට පෙර බලපැම් අවම කිරීමේ නව ව්යුහයකට අණපනත්වලට යාමට රජයේ සූදානම දැන ගැනීමට කැමති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd