IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දැව සංස්ථාවේ හිටපු සභාපති ගොනු කළ පෙත්සම සළකා බැලීමට දිනයක්

(මනෝප්‍රිය ගුණසේකර)

අල්ලස් වශයෙන් රුපියල්  මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 02ක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු  කරමින් කොළඹ මහාධිකරණයේ ලබා දුන්  නියෝගය ඉවත දමන්නැයි ඉල්ලමින් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස  දිසානායක  මහතා ඉදිරිපත් කළ පෙත්සම නොවැම්බර් 26 වැනිදා සිට විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය  අද (19) තීරණය කළේය.

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර්   පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට මෙම මුදල් ගත් බවට චෝදනා එල්ල වී තිබේ .

පියදාස දිසානායක මහතා ඉදිරිපත් කළ විශේෂ අභියාචනය විජිත් මළල්ගොඩල එල්.ටී.බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී එසේ තීරණය කළේය.

ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රරෝපකරණ සහ ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවන්ට මෙම විත්තිකරු සමඟම චෝදනා ලැබ සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ. මහානාම මහතාද වරදකරුවන් කළ නඩුව විභාග කළ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල ඔවුන්ට බරපතල වැඩ සහිත වසර 12 බැගින් සිර දඬුවම් හා රුපියල් 55,000 බැගින් දඩයක් නියම කෙරිණි.


විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තමන්ට එරෙහි නියෝගය හා දඬුවම නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එය අහෝසි කර සියලු චෝදනාවලින් තමා නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමින් පියදාස දිසානායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.


විත්තිකාර පියදාස දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට ශල්යකර්මයක් සිදු කිරීමට තිබෙන බවත් කොරෝනා වසංගත තත්ත්වය මත එම ශල්‍ය කර්මය පෞද්ගලික රෝහලකදී කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය. 


නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කරමින් රජයේ රෝහලකදී එම ශල්‍යකර්මය සිදුකිරීම වඩාත් යෝග්‍ය යැයි පැවසීය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම නොවැම්බර් මස 26 වන දා සිට විභාගයට ගැනීමට තීරණය කළේය.

 

 

 



අදහස් (0)

දැව සංස්ථාවේ හිටපු සභාපති ගොනු කළ පෙත්සම සළකා බැලීමට දිනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site